
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ආනන්ද ජයකොඩි)
පොලිස් අණ නොතකා පලාගිය යතුරුපැදිකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිසියේ පිරිසක් යතුරුපැදිකරුගේ පහරදීමට ලක්ව එක් පොලිස් නිලධාරියකු අද (27) රෝහල්ගත කර ඇති ඇති අතර පලා යාමට තැත් කළ යතුරුපැදිකරු වූ නාවික සෙබළා අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීරිගම හිරිවලමුල්ල පදිංචිකරුවෙකි. පොලිස් සැරයන්වරයකු හා තවත් පොලිස් නිලධාරියකු හිරුවල ප්‍රදේශයේ වාහන පරීක්ෂා කිරීමේ යෙදී සිටියදී මීරිගම දෙසින් පැමිණි යතුරුපැදියක් නැවැත්වීමට සංඥා කර ඇතත් එම යතුරුපැදිකරු නොනවත්වා පලාගොස් තිබේ.
එම නිලධාරීන් යතුරුපැදිකරු හඹාගොස් කොටකන්දට හැරෙන පාර අසලදී නවතාගෙන ඇතත් යතුරුපැදිකරු පොලිස් නිලධාරීන් අසලට පැමිණීම වළක්වමින් ආරක්ෂිත හිස්වැසුමෙන් පහර දෙමින් සිට තිබේ.
මේ අතර මෙම යතුරුපැදිකරු නවතා තිබූ පොලිස් යතුරුපැදියට පා පහරක් එල්ල කිරීමෙන් පසු එය පෙරැළී ගොස් ඇති බවද පොලිසිය කියයි. කලහකාරි ලෙස හැසිරුණු යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට ආධාරක කණ්ඩායමක් ද මේ අතර පැමිණ තිබේ.
අල්ලා ගත් යතුරුපැදිකරු ඉතා අපහසුවෙන් පොලිසිය කරා ගෙන ගොස් ඇති අතර ඔහු බීමතින් සිටීදැයි පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගත් බව පොලිසිය කියයි. මේ මෙහෙයුමට එක්වූ තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද පහරදීමට ලක්ව ඇතැත් ඔවුන් තුවාල ලබා නැතැයි පොලිසිය කියයි.
නාවික සෙබළකු බව කියන මෙම යතුරුපැදිකරු මීට පෙර අවස්ථාවන්හී දී මේ ආකාරයෙන් බීමතින් යතුරුපැදි පදවා පලාගිය පුද්ගලයකු බව අනාවරණය වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අණ නොතකා පලා ගිය සෙබළා පොලිසියේ නිලධාරියකුට පහර දෙයි