
(කේ. බුද්ධික කුමාරසිරි)
පාදුක්ක මලගල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක සඟවා තිබූ බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් ද, උණ්ඩ තුනක් ද සමඟ සැකකරුවෙකු අද(28) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ හොරණ කඳවුර පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාදුක්ක මලගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ගොවිතැන් හා සත්ව පාලන කටයුතුවල නිරතව සිටි බව කියන 48 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් ගිය අවස්ථාවේදී නිවස වසා තිබී ඇති අතර, ඒ ඉදිරිපිට නවතා තිබූ මෙම මෝටර් රථය පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවිය සහ උණ්ඩ සමඟ පාදුක්ක පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත. සැකකරු අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.