
( සිරිනිහාල් ගමගේ)
වදුරඹ, පිටිහරාව ප්‍රදේශයේදී සැකකටයුතු පුද්ලගයින් 6 දෙනකු වදුරඹ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් අත් අඩංගුවට ඇත. මෙම සැකකරුවන් පිළිබදව ප්‍රශ්න කිරීමේදී මත් ද්‍රව්‍ය හා මත් කුඩු වලට සම්බන්ද පුද්ගලයින් බවට පොලීසිය වෙතින් සොයා ගෙන ඇත.
පිටිහරාව ,හා පොද්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් වයස අවුරුදු 17, 20, 22, 24 හා 41 වියැති පුද්ගලයින් බවත් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මෙම ප්‍රදේශයේ රංචු ගැසී සිටියදී පොලිස් මුර සංචාරක රථයේ නිලධාරින් ගේ නිරීක්ෂණයට ලක්වී පලා යාමට තැත්කළ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් පිළිබදව අවට පොලිස් ස්ථාන වෙත දන්වා අපරාධ වාර්තා ලබා ගැනීමට කටයුතු කර ඇත. තවද මෙම සැකකරුවන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ද යන්න කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෙතින් වාර්තා ලබාගෙන ඉද්හිරි කටයුතු කිරීමට නියමිතව ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.