
( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
වසරක පමණ කාලයක සිට වයස අවුරුදු 8 ක වැඩිමල් දරුවාට බරපතළ ලිංගික අපයෝජනය කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ පවත්වන බව බදුරලිය පොලිසිය කියයි .
එම දරුවා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත .
අතවරයට පත් දරුවාගේ මව දරු දෙදෙනා සැකකරු භාරයේ තබා තේ දලු කැඩීමේ රැකියාව සඳහා නිවසින් බැහැර වූ අවස්ථා වල දී සැකකරු වරින් වර මෙම අතවරය සිදු කර ඇති බව මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත.
අතවරයට පත් දරුවා මවට මෙම සිද්ධිය පැවසීමෙන් අනතුරුව එම මව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට එම නිවසට ගිය ද සැකකරු ඒ වන විටත් ප්‍රදේශය හැර පලා ගොස් තිබූ බවත් පොලිස් නිලධාරීයෙකු පැවසීය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.