IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කීඩෑ උවදුරෙන් යල කන්නයේ අක්කර 10,000 ක් විනාශයට

(ක.ග.කරුණාරත්න)

 

කීඩෑ උවදුර හේතුවෙන් මෙවර යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ කූඹුරු අක්කර 10,000 කට අධික ප්‍රමාණයක වී වගාව මේ වනවිට විනාශ වී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයින් සහ ගොවි ජනතාව පෙන්වා දෙති.

පීදෙන සහ කිරිවදිමින් තිබෙන ගොයම මෙන්ම අස්වනු නෙළීමට ආසන්නව තිබෙන වී වගාවද මෙලෙස කීඩෑ හානියට ලක්ව තිබෙන බව ගොවියෝ පවසති. ඇතැම් කුඹුරුවල ගොයම ප්‍රයෝජනයක් ගත නොහැකි තත්වයට මුළුමනින්ම විනාශ වී ඇතැයි ද ගොවීහු  කීහ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයට අයත් පරාක්‍රම සමුද්‍රය,මින්නේරිය,ගිරිතලේ,කවුඩුල්ල ඇතුළු මහා වාරිමාර්ග යටතේ වී වගාකර ඇති කුඹුරු සහ  සුළු වාරිමාර්ග යටතේ වී වගාකර ඇති  කුඹුරුවල ද සෑම යායකම පාහේ මෙම කීඩෑ හානි  දක්නට තිබෙන බව ගොවිහු පවසති. ඊට අමතරව හඳුනා නොගත් කෘමිහානි ද එම වී වගාවන්වල පෙනෙන්නට තිබෙන බවද ඔවුහු කීහ.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නයේ වී වගාවේ අක්කර 5000 පමණ ප්‍රමාණයකට කීඩෑ හානි සිදුව තිබෙන බව තමන්ට ද වාර්තාවී ඇතැයි දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ආර්.පී.උපාලි මහතා ප්‍රකාශ කළේය.

කීඩෑ හානියට අමතරව පුරුක් පණුවාගේ හානිය,කොපු අංගමාරය වැනි කෘමි  රෝග ගණනාවක් ද මෙවර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ යල කන්නයේ වී වගාවට වැළැඳී ඇතැයිද ඒ මහතා කීය.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි සංරක්‍ෂණ සේවයේ සහ බතලගොඩ වී පර්යේෂණ සංවර්ධන ආයතනයේ පර්යේෂක කණ්ඩායම් දෙකක් මේ වනවිට පොලොන්නරුව දිස්ත්‍රික්කයට පැමිණ සිටින බවද හෙතෙම පැවසීය.

මේ දිනවල පවතින වැසි සහිත අඳුරු කාලගුණික තත්වය විශේෂයෙන්ම කීඩෑවාගේ හානිය ව්‍යාප්තවීමට හේතුවිය හැකි බැවින් ගොවි ජනතාව තම වී වගාව පිළිබඳව වැඩි අවධානයකින් සිටිය යුතු යැයිද කෘෂිකර්ම නිලධාරීන්ගේ උපදෙස් අනුව පමණක් කෘෂි රසායන යෙදීමට ක්‍රියා කළ යුතු බවත්  කෘෂිකර්ම අධ්‍යක්‍ෂවරයා කීය. 

 



අදහස් (0)

කීඩෑ උවදුරෙන් යල කන්නයේ අක්කර 10,000 ක් විනාශයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site