IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන්


(සිතුම් චතුරංග)
 
පලෙයි , කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයකු යාපනය, වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේදී බෝට්ටුව පෙරළී අද(28) උදෑසන අතුරුදහන්ව ඇතැයි පලෙයි පොලිසිය කියයි.
 
අයහපත් කාලගුණික තත්වය තිබියදී, ධීවරයින් දෙදෙනකු පලෙයි කට්ටකාඩු ප්‍රදේශයෙන් මුහුදු ගොස් ඇති අතර බෝට්ටුව පෙරළී එක් ධීවරයකු අතුරුදහන්ව ඇත. පෙරළුණු බෝට්ටුවේ එල්ලී අනෙක් ධීවරයා දිවිබේරාගෙන ගොඩබිමට පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කළේය.
 
එලෙස අතුරුදහන්ව ඇත්තේ පලෙයි , කට්ටකාඩු පදිංචි ප්‍රනාන්දුපිල්ලෙයි අරුල්නේෂන් නැමති 60 හැවිරිදි ධීවරයෙකි.
 
අනතුරින් දිවි බේරාගත් අනෙක් ධීවරයා පවසා ඇත්තේ උදෑසන මුහුද රළුවී එක්වර විශාල රැළිමතුවීම හේතුවෙන් තමන් ගමන්ගත් බෝට්ටුව පෙරළී අනෙක් පුද්ගලයා අතුරුදහන්වූ බවය.
 
අතුරුදහන්වූ ධීවරයා සොයා පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීම මත නාවික හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.



අදහස් (0)

මුහුදු ගිය ධීවරයෙක් බෝට්ටුව පෙරළී අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site