
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
කිරිබත්ගොඩ නාහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙක් තියුණු ආයුධ සමඟ කැළණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය .
ඝාතනයට යොදා ගත් බව කියන ත්‍රීරෝද රථයක් සහ මන්නා පිහි තුනක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරුවන් වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (19) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd