(ඌරගස්මංහන්දිය අමරසිරි රණසිංහ)
කොස්ගොඩ බාංවැල්ගොඩ ප්‍රදේශයේදී අද (18) ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි කොස්ගොඩ පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය බෝගහවෙල පදිංචි ඩී. කේ. දිනේෂ් කුමාර නැමති 34 වියැති තරුණයෙකි.
සිද්ධියට සම්බන්ධ කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නාලක ජයවීර මහතා ඇතුළු නිලධාරීහු සැකකරුවන් අත් අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු සිදුකරති.
මෘත දේහය පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වීම සඳහා බලපිටිය මූලික රෝහල වෙත යොමු කරන ලෙස බලපිටිය මහේත්‍රාත්වරයා නියෝගකර ඇත.
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගලකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි