IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ගව සොරකමේ ගිය කල්ලියක් අල්ලයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි  සහ ආනන්ද ජයකොඩි )
 
ගම්පහ  දිස්ත්‍රික්කය  පුරා ඉතා සංවිධානාත්මක අන්දමින් කලක් තිස්සේ ගවයන් සොරාගැනීමේ යෙදුණු කල්ලියක සාමාජිකයෝ තිදෙනෙක් අද (19)  අලුයම පත්තලගෙදර ප්‍රදේශයේදී සොරා ගෙන යමින් සිටි ගවයින් තිදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බව  වේයන්ගොඩ පොලිසිය කියයි.
 
 කළක් තිස්සේ නිතර සිදුවෙන  ගව සොරකම් මැඬලීම සඳහා   බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍යය   පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගේ මෙහෙයවීම මත පොලීසිය ක්‍රියාත්මක කරගෙන යන ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් පිරිසක් සැක කටයුතු ලොරියක් පරික්ෂා කිරීමේදී මෙම ගවයින් හමුවී ඇත. 
 
 ගවයින්  රැගෙන යමින් සිටි ලොරියේ සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් මිනුවන්ගොඩ ජා-ඇල හා ගල්ලොලුව  ප්‍රදේශයේ පදිංචිකරුවන් බව මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත .
 
 සැකකරුවන් පිරිස මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් සොරා ගත් බවට සැක කරන මෙම  ගවයින්  තිහාරියේ මස් පිණිස ගවයින් මරණ  ස්ථානයකට රැගෙන යමින් සිටි බවට පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.
 
 අත්අඩංගුවට ගත් ලොරිය මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් බව ද එම ලොරිය ගවයින් ප්‍රවාහනය කිරීම සඳහාම  සකස් කර ඇති   එකක් බව ද හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 
 
 ගවයින් හා එළුවන් ඇතුළු සතුන් මිලදී ගත් බවට ඇගවෙන ඇගවෙන ආකාරයට සකස් කළ හැකි කුවිතාන්සි වල  මුල්පිටපත් තොගයක් ද  සැකකරුවන් ළඟ  තිබූ  ලිපිගොනුවකින්  සොයා  ගත් බව පොලිසිය සඳහන් කරයි . 
 
 ගම්පහ දිස්ත්‍රික්කය පුරාම සිදු වන ගව සොරකම් වලට  මෙම   සැක කරුවන් ගේ සම්බන්ධයක් ඇතැයි පොලිසිය සැක කරන අතර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් රඳවා ගැනීමේ නියෝග යටතේ තබා වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කෙරේ.
 
 පොලිස් භාරයට ගැනුනු ගවයින් ගේ අයිතිකරුවන් සොයා ගැනීම සඳහා ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත පණිවිඩ ලබා දී ඇතැයි ද ඇතැයිද වේයන්ගොඩ පොලිසිය සඳහන් කරයි. එමෙන්ම තම ගවයින් සොරා ගැනීමට ලක්වූ අයට  මෙම ගවයින් පරීක්ෂාකර බැලිය හැකි බවද පොලිසිය කියයි.
 
 මෙතෙක් කලක් තිස්සේ ප්‍රදේශයේ සිදුවූ ගව සොරකම් සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා සොයා ගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය විශ්වාසය පළ කරයි.



අදහස් (0)

ගව සොරකමේ ගිය කල්ලියක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 88 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 811 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 372 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site