
(රොමේෂ් මධුෂංඛ)
මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේ දී සිදු කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව කඩොලාන කපමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
උතුරුමැද නාවික විධානයට අයත් සෙබලුන් පිරිසක් විසින් වංකාලෙයි කලපු ප්‍රදේශයේ සෝදිසි පරික්ෂාවක් සිදු කරන අතරතුරදී මෙම සැකකරුවන් කඩොලාන කපමින් සිටියදී නාවික හමුදා බාරයට ගනු ලැබීය.
නාවික හමුදා බාරයට පත් සැකකරුවන් මන්නාරම වංකාලෙයි ප්‍රදේශයේම පදිංචි අවුරුදු 29, 41, 51 යන වයස්වල පසුවන්නෝ වෙති.
ඔවුන් පිළිබඳ වැඩිදුර පරික්ෂණ සිදු කිරීම සඳහා මන්නාරම වනජීවි නිලධාරී කාර්යාලයට බාරදීමට නාවික හමුදාව පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd