දැරිය අපයෝජනය කළාට වසර 36ක සිර දඬුවමක්
දස වසරකට පෙර බාලවයස්කාර දැරියකට අවස්ථා තුනකදී බරපතල අපයෝජනය කිරීම් සම්බන්ධව චෝදනාලද පුද්ගලයෙකු වරදකරු කළ, රත්නපුර පළාත්බද මහාධිකරණ ශාලා අංක එකෙහි විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුට එරෙහි චෝදනා තුනටම වෙන් වශයෙන් දඩුවම් නියම කළ අතර, එක් චෝදනාවකට වසර 12ක් බැගින් සිරදඩුවම් නියම කර චෝදනා තුනටම වසර 36 ක සිරදඩුවම් නියම කළේය.