මහර රැඳවියන්ගෙන් රජයේ කර්මාන්ත ගිණුමට 94000 ක මාසික ආදායමක් මහර බන්ධනාගාරයේ කොයිල් එතීමේ මධ්‍යස්ථානය පසුගිය මාසය තුළ පමණක් නිපදවන ලද නිෂ්පාදන ඒකක වෙනුවෙන් රුපියල් 94,000 ක මාසික ආදායමක් රජයේ කර්මාන්ත ගිණුමට ඒකතුවන බව මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා ප්‍රකාශ කළේය. 17 July 2020
තහනම් වල් නාශක පැකට් 264 බදුල්ලේ වෙළෙඳසැලකින් සොයාගනී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බදුල්ල විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද 17 හපුතලේ නගරයේ කළ වැටලීමක දී අලෙවි කිරීම සඳහා තබා තිබූ තහනම් වල් නාශක බෙහෙත් පැකට් 264 ක් සිය භාරයට ගත් බව බදුල්ල කෘෂිකර්ම අධ්යක්ෂ කාර්යාලය කියයි. 17 July 2020
තංගල්ලේ උපකාරක පන්ති හෙට සිට තාවකාලිකව නවතයි තංගල්ල පට්ටියපොළ ප්‍රදේශයේ කොරෝනා ආසාදිත බවට හඳුනාගත් පුද්ගලයාගේ ඥාතියකුටද කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල නගරයේ සතිඅන්ත උපකාරක පන්ති පැවැත්වීම හෙට(18) සිට තාවකාලිකව නැවැත්වූ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජගත් ගජධීර මහතා පවසයි. 17 July 2020
වන අලි පහරදීමෙන් අඹු-සැමි යුවලක් මරුට බුත්තල ගෝනගංආර පොලිස් වසමට අයත් මාලිගාවිල හැබැස්ස ප්‍රදේශයේදි වනඅලි පහරදීමෙන් අඹු-සැමි යුවලක් අද(17) අලුයම මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පවසයි. 17 July 2020
කලවානේ කඩ සාප්පු විවෘත කරයි දින දෙකක් වසා දැමුණු කලවා, මානන නගරයේ වෙළඳසැල් සුපුරුදු පරිදි මහජනයා සඳහා අද (17) යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. 17 July 2020
හික්කඩුව වලමල්ලේ පාලමක් යට අත්බෝම්බ-උණ්ඩ හික්කඩුව වලමල්ලේ පාලමක් යට සඟවා තිබු ජීව අත් අත්බෝම්බයක් සහ ටී.56 වර්ගයේ උණ්ඩ 9ක් සොයා ගත් බව රත්ගම විශේෂ කාර්ය බලකාය පවසයි. 17 July 2020
නරක් වූ ඌරු මස් - කුකුල් මස් තොගයක් භූමි තෙල් යොදා විනාශ කරයි පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් සහ ඌරු මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ අද (16) අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ දියදාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව කොටපොල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 16 July 2020
ගොනාපිනුවල ප්‍රදේශයේ 54 කට කොරෝනා නෑ ගොනාපිනුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ පදිංචි පුද්ගලයින් 54 දෙනෙකු පී. සී. ආර්. පරීක්ෂණවලට ලක්කළ බවත් අද (16) පස්වරුවේ ලැබුණු වාර්තා අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග වෛද්‍ය වෙනුර කේ.සිංගාරච්චි මහතා පැවසීය. 16 July 2020
සොරකම් කළ එළ ගවයින් 18 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට බේරුවල ප්‍රදේශයේ පිහිටි නීති විරෝධී ගව ඝාතකාගාරයකට තංගල්ල හා වීරකැටිය ප්‍රදේශවලින් එළ ගවයින් 18 දෙනෙකු සොරකම් කර රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු අද (16) කලුතර දිසා දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සහ බේරුවල පොලිසිය එක්ව සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය. 16 July 2020
වන අලියකු පහරදීමෙන් පුද්ගලයකු මරුට ඔක්කම්පිටිය මාලිගාවිල පලුකැපිටියවැව කුඹුරු යායේදී අද (16) උදෑසන වන අලියෙකු පහරදීමෙන් එක් දරු පියෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඔක්කම්පිටිය පොලීසිය පවසයි. 16 July 2020
බළලුවැවේ පාවෙමින් තිබූ සිරුරක් හමුවෙයි කලාවැව බළලුවැවේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් අද (16) සොයා ගනු ලැබීය. 16 July 2020
රජයේ සේවකයෙකුට පහරදීමේ චෝදනාවෙන් සැකකරු නිදහස් රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදි එම චෝදනාවට අදාළ සැකකරුව ගම්පහ මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (16) නිදොස් කොට නිදහස් කළේය. 16 July 2020
හබරණ මාර්ගයේ වනඅලියකු හැප්පූ රියදුරුට දඩ හබරණ ත්‍රිකුණාමල මාර්ගයේ දී වනඅලියකු ලොරි රථයකට යටකර මරණයට පත් කළැයි කියන වරදට එම ලොරි රථයේ රියදුරාට රුපියල් 150,000 ක දඩයක් ගෙවන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා විසින් නියම කළේය. 16 July 2020
නයාරු මුහුදේ නීති විරෝධිව මසුන් ඇල්ලු 19 ක් අත්අඩංගුවට මුලතිව් නයාරු මහ ත්‍රිකුණාමලය කුඹුරුපිඩ්ඩි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ධීවරයින් 19 දෙනෙකු හා ධීවර යාත්‍රා 07ක් නාවික හමුදා භාරයට ගෙන ඇත. 16 July 2020
ඇල්පිටිය ප්‍රා. සභාවේ මන්ත්‍රීවරයෙක් විරෝධයක ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16)පෙරවරුවේ ආරම්භ වීමත් සමගම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයක් සභාපතිවරයාට විරෝධය පළකළේය. 16 July 2020
දැරිය අපයෝජනය කළාට වසර 36ක සිර දඬුවමක් දස වසරකට පෙර බාලවයස්කාර දැරියකට අවස්ථා තුනකදී බරපතල අපයෝජනය කිරීම් සම්බන්ධව චෝදනාලද පුද්ගලයෙකු වරදකරු කළ, රත්නපුර පළාත්බද මහාධිකරණ ශාලා අංක එකෙහි විනිසුරු නවරත්න මාරසිංහ මහතා එම විත්තිකරුට එරෙහි චෝදනා තුනටම වෙන් වශයෙන් දඩුවම් නියම කළ අතර, එක් චෝදනාවකට වසර 12ක් බැගින් සිරදඩුවම් නියම කර චෝදනා තුනටම වසර 36 ක සිරදඩුවම් නියම කළේය. 16 July 2020
හමුදා නිලධාරීයා සමඟ සබඳතා පැවැත්වූ තවත් සිව් දෙනෙක් නිරෝධායනයට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ හෝමාගම සහ පිළියන්දළ ප්‍රදේශවලින් ආසාදිතයන් බවට හඳුනාගත් යුද හමුදා නිලධාරීන් සමඟ සබඳතා පැවත් වූ තවත් සිව් දෙනෙකු අද (16) ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 16 July 2020
සිසුවියක් ලිංගික අපයෝජනයකට ලක්කළ ගුරුවරයෙක් රිමාන්ඩ් බාල වයස්කාර පාසැල් සිසුවියක ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන පාසැල් ගුරුවරයෙකු හිඟුරක්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 28 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් සනත් නානායක්කාර මහතා අද (15) නියෝග කළේය. 15 July 2020
ගංජා වැටලීමට ගිය පොලිස් පරීක්ෂකට උණුවතුර පහරක් ගංජා විකුණන බවට ලද තොරතුරක් මත එම ගංජා විකිණීම වැටලීමට ගිය හික්කඩුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වේලා තන්ත්‍රි මහතාට අදාළ සැකකාර කාන්තාව උණු වතුර භාජනයකින් පහරදීම හේතුවෙන් අදාළ ස්ථානාධිපතිවරයා තුවාල ලැබීමෙන් ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර බව හික්කඩුව පොලීසිය කියයි. 15 July 2020
දෙබරු ඇනීමෙන් දැරියක් රෝහලේ දෙබරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ වයස අවුරුදු හතරක දැරියක් අද (15) මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර ඇත. 15 July 2020
හිඟුරක්ගොඩ නිවාස 67ක් ඉරිතලා පුපුරලා හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පිහිටි නිවාස 67ක් අසාමාන්‍ය ලෙස ඉරිතලා පුපුරායාමකට ලක්වීම නිසා ඒවායේ වාසය කිරීම අධි අවදානම් සහිත යැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම්දී තිබෙන බව පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 15 July 2020
ඇඹිලිපිටියේ නිහඬ විරෝධයක් ජනධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දු ඉටු නොකරන ලදැයි පවසමින් අද(15) ඇඹිලිපිටිය නගරයේ බස්නැවතුම්පොළ ඉදිරිපිටදි ජාතික ජන බලවේගයේ පිරිසක් විසින් නිහඬ විරෝධතාවක් පවත්වනු ලැබීය. 15 July 2020
මීරියබැද්දේ අවතැන්වූවෝ නිහඬ විරෝධතාවක කොස්ලන්ද මීරියබැද්ද නායයෑමෙන් අවතැන් වූ ජනතාව ගෙන් කොටසකට අවුරුදු හයක් ඉක්ම ගොස් තිබියදී ත් නිවාස ඉඩම් හෝ වන්දියක් මෙතෙක් ලබා නොදුන් බව පවසමින් ’’වතු වතුකම්කරු මධ්‍යස්ථානය’’ සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද (15) හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිවිසුම් ගේට්ටුව අසල දී පැවැත්විණි . 15 July 2020
මාස 8 බිලිඳාගේ ඇඟට 17 වියැති පුංචි අම්මා උණුවතුර වීසිකරයි මාස අටක බිලිඳකුගේ ඇඟට නටමින් තිබූ උණුවතුර විසි කළ බිලිඳාගේ පුංචි අම්මා අත්අඩංගුවට ගත් බව පෝද්දල පොලිසිය පවසයි. 15 July 2020
ගල්කිස්සේ කුණු ඇළක තිබී ජීව උණ්ඩ 93 ක් සොයාගනී ගල්කිස්ස කාෂියා මාවතේ අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා සකස් කර ඇති ඇළ මාර්ගයක තිබී ජීව උණ්ඩ 93 ක් හමු වී ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 15 July 2020
මැතිවරණ නීති උල්ලංඝනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකර මැතිවරණ නීති උල්ලංඝනය කරමින් අපේක්ෂකයින් සිව් දෙනෙකුගේ නම් සඳහන් අත් පත්‍රිකා බෙදමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත් පත්‍රිකා 3507 ක් සහ ඒවා ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථයක් සමඟ අද (14) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය කියයි. 14 July 2020
පුද්ගලයින් රවටා මුදල් ගැරූ අයෙක් පේරාදෙණියේදී අත්අඩංගුවට විදේශ රැකියා අවස්ථා ලබාදෙන බව පවසා මල්වතු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු ලෙස පෙනී සිටිමින් දිවයිනේ ප්‍රදේශ ගණනාවක 100කට අධික පිරිසක් රවටා රුපියල් කෝටියක පමණ මුදලක් වංචා කළ බව කියන පුද්ගලයෙකු මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දිසා අපරාධ හා මෙහෙයුම් ඒකකය මගින් අද (14) අත්අඩංගුවට ගනු ලැබීය. 14 July 2020
නිල්ලඹ රාජමලේ රක්ෂිතයේ වැලි ජාවාරමේ යෙදුණු 3ක් දැලේ නිල්ලඹ රාජමලේ රක්ෂිතය තුළ නිල්ලඹ ඔයේ අනවසරයෙන් මහා පරිමානව වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලි පටවාගත් ලොරි රථයක්ද සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. 14 July 2020
මුහුදේ ගසාගෙන ගිය අක්කා-නගෝගේ සිරුරු හමුවේ පයාගල තුඩාව එදිරිලිගොඩ ප්‍රදේශයේ දී මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදහන් වූ එකම පවුලේ සොයුරියන් දෙදෙනාගේ මළසිරුරු මග්ගොන දියලගොඩ ඉන්දන පිරවුම්හල අසල මුහුදු වෙරළට ගොඩ ගසා තිබිය දී අද(14) අලුයම හමු වූ බව පයාගල පොලිසිය කියයි. 14 July 2020
දැඩි සුළඟින් මොනරාගල ගලබැද්දේ නිවාස 15 කට හානි සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලබද්ද ප්‍රදේශයට ඇදහැලුණු මහවැස්සක් සමඟ හමාගිය දැඩි සුළගින් ගස් කඩා වැටීමෙන් නිවාස 15 කට අලාභ හානි සිදුවී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 14 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025