සූදු කෙළිමින් සිටි කාන්තාවෝ තිදෙනෙක් අත්අඩංගුවට කාන්තාවන්ගේ සූදු පොලක් වටලා මුදලට සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 09 July 2020
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්වයක් මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා වැරදි ආකාරයට ලේඛනගත වී ඇතැයි මන්ත්‍රීවරුන් පැවසීම හේතුවෙන් අද (9) දින පැවති හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 09 July 2020
හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථාතත්වයට හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නානුඔය පොලිසිය පවසයි. 09 July 2020
ගව සොරකමේ ගිය දෙදෙනෙකු ගව මස් සමඟ අල්ලයි සෙවණගල හා සූරියවැව ප්‍රදේශයෙන් සොරකම් කරන ලද මී ගවයන්, එළ ගවයන් සහ ගව මස් කිලෝ150 කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙකු අද (09) බලංගොඩ කහටපිටියේ දී අත්අඩංගුවට ගත් බව සෙවණගල හා සූරියවැව පොලිසිය පවසයි. 09 July 2020
ලක්ෂ 5ක තේක්ක කඳන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කළ ලක්ෂ 5ක ආසන්න වටිනාකමකින් යුතු තේක්ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලීසිය කියයි. 09 July 2020
බිරිද ඝාතනය කර සැමියා පලා යයි පුද්ගලයෙකු සිය බිරිදගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර පලා ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 09 July 2020
වනඅලි පහරදීමකින් කාන්තාවක් මරුට ගල්ගමුව ,ට්රැක්පහ ප්‍රදේශයේ දී වල්අලි පහරදීමකින් 62 වියැති දෙදරු මවක් එම ස්ථානයේම මියගොස් ඇතිබව පොලීසිය පවසයි. 09 July 2020
අකුණු සැර වැදීමෙන් කාන්තාවක් මරුට හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් පන්සල් ගොඩැල්ල මැදි කොටසේ පදිංචි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් අද (08) ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි. 08 July 2020
ගංජා කිලෝ 3 ක් සමඟ අඹුසැමි යුවලක් අත්අඩංගුවට බිබිල මැදගම නගරයේදී ත්‍රී රෝද රථයකින් වියළි ගංජා කිලෝ 03 ක් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 July 2020
නිදන් හෑරූ 10 ක් උපකරණ සමඟ අත්අඩංගුවට ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ ප්‍රදේශයේ පොල්වත්තක නිදන් හාරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 08 July 2020
සීතාවක ප්‍රා. සභාවේ නිල මුද්‍රා ව්‍යාජව සකසා මුදල් ගැරූ නිලධාරියෙකු දැලේ සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ ලේකම්වරයාගේ නිල මුද්‍රා ව්‍යාජ ලෙස සකසා ඉඩම් සහ ගොඩනැගිලි අනුමත කිරීම් සහතික පත් සකස් කර මුදල් ලබා ගත් බව කියන සීතාවක ප්‍රාදේශීය සභාවේ පාදුක්ක උප කාර්යාලයට අනුයුක්තව සේවය කළ ආදායම් නිලධාරියෙකු අද (08) සැකපිට අඅඩංගුවට ගත් බව හෝමාගම විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි. 08 July 2020
ගිනි අවි සමඟ 4ක් අත්අඩංගුවට මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සියඔලාන්ඩුව පොලිස් වසම තුළ කළ මෙහෙයුමකදි ගිනිඅවි 4ක් සමග පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 08 July 2020
වායු රයිෆලයකින් සුනඛයාට වෙඩි තැබූ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට වවුනියාව සෙට්ටිකුලම , මුගත්තන්කුලම් හි නිවසක සුරතලයට ඇති කළ සුනඛයකු වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි. 08 July 2020
ගිනිඅවියක් සමඟ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු අත්අඩංගුවට පොලොන්නරුව දියබෙදුම ප්‍රදේශයේ විශ්‍රාමික තැපැල් ස්ථානාධිපතිවරයකු බෝර 12 ගිනි අවියක් සහ පතුරම් 4 ක් සමඟ දියබෙදුම ඇළිකිඹුලාවල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී අද (8) අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය කියයි. 08 July 2020
මැදපෙරදිග වෙසෙන ලාංකිකයන් ගෙන්වන්නැයි ඉල්ලති නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (08) නාරාහේන්පිට කම්කරු දෙපාර්තමේන්තු කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. 08 July 2020
කච්චතිව් මුහුදු තීරයේ තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි 5 ක් අත්අඩංගුවට යාපනය කාකතිව් මුහුදු තීරයේදී තහනම් දැල් යොදා මසුන් අල්ලමින් සිටි ධීවරයින් 05 දෙනෙකු සහ මත්ස්‍ය කිලෝ 70 ක් සමග නාවික හමුදා භාරයට ගෙන ඇත. 08 July 2020
පහර කෑ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරියා රෝහලේ යාපනයේ මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු නිලධාරියෙකුට අද( 08 ) උදෑසන කිසියම් පිරිසක් කළ පහරදීමකින් එම නිලධාරියා බලපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත. 08 July 2020
හඳුනා නොගත් රෝගයක් නිසා දඹුල්ලේ වගා විනාශයක් ලොකු ලූනූ, වට්ටක්කා , මෑ කරල්, සෝයා බෝංචි ,උඳු , සහ බඩ ඉරිඟු ආදී බෝග වගාවන් රැසක හඳුනා නොගත් රෝගයක් ඇතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශය ස්ථාන කිහිපයකම වගාවන් විනාශයට පත්වන බව ගොවීහු පෙන්වා දෙති. 08 July 2020
බිබිල මාර්ග සංවර්ධන අධිකාරියේ ගබඩාවකින් ලක්ෂ 16ක ජල නල සොරාගෙන ප්‍රතිසංස්කරණය කෙරෙන බදුල්ල-මඩකලපුව මාර්ගයේ ජලනල පද්ධතිය ඉඳිකිරීම සඳහා ගෙනැවිත් බිබිල මාර්ග සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩබිමේ ගබඩා කර තිබූ ජලනල 465ක් සොරාගෙන ගොස් ඇති බවට බිබිල පොලීසිය පවසයි. 08 July 2020
පැල්මඩුල්ල දෙනවක ගඟේ නාදුනන මළ සිරුරු දෙකක් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකුගේ සිරුරු පැල්මඩුල්ල දෙනවක ගඟේ පාවෙමින් තිබියදී පොලිසිය විසින් අද (8) සොයා ගනු ලැබීය. තරුණයින් බව පෙනෙන මෙම දෙදෙනාගේ සිරුරවල කැපුම් තුවාල දක්නට තිබු බව පොලිසිය පවසයි. 08 July 2020
දික්ඔය දරවල ජනපදයේ පානීය ජලයේ ගැටලුවකින් ජනතාව ලෙඩින් හැටන් පොලිස් වසමට අයත් දික්ඔය දරවල ජනපදයේ කුඩා ළමුන් ඇතුළු වැඩිහිටියන් 100දෙනෙකුට ආසන්න පිරිසකට දින කිහිපයක් තිස්සේ වරින්වර පාචනය, කලන්තය, වමනය රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. 08 July 2020
විදෙස් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට බේරුවල චීන කොටුව ප්‍රදේශයේ වෙළඳසැලක තිබී විදෙස් දුම්වැටි තොගයක් අද (07) අත්අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කඳවුරේ උසස් නිලධාරියෙක් පැවසීය 07 July 2020
කලා වැව ජාතික උද්‍යානයෙන් අලියකුගේ සිරුරක් හමුවේ කලාවැව ජාතික උද්‍යානයේ අන්දරපිටිය ප්‍රදේශයේ තිබී දින කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම වනජීවි කාරයාලයේ නිලධාරීන් විසින් අද (07) සොයාගන්නා ලදී. 07 July 2020
ආඬියාගලින් අත්බෝම්බයක් හමුවෙයි ආඬියාගල මහවීහේන්යාය මාර්ගයේ අසළින් ගලා යන හැවැන් ඇල්ල ඔය ඉවුරේ තිබී සොයා ගන්නා ලද අත්බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු විසින් අද (07) සවස කටයුතු කරනු ලැබූහ. 07 July 2020
දෙදරු පියාට පිහියෙන් ඇන ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට දෙදෙනෙකු අතර ඇති වූ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇනීම නිසා බරපතල තුවාල ලැබූ දෙදරු පියෙකු මිය ගොස් ඇතැයි හොරණ පොලිසිය පවසයි. 07 July 2020
අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක ධුරයෙන් ඉවත්වෙයි අම්බලන්ගොඩ නගර සභාවේ විපක්ෂ නායක එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ඩෙනට් පනියන්දූවගේ මහතා අද (7 ) සිය නාගරික මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. 07 July 2020
මැතිවරණ අපේක්ෂකයෙකුට අයත් ලී මෝලකින් තේක්ක දැව සමඟ 7ක් අත්අඩංගුවට මඩකලපුව එරාවුර් පුන්නකුඩා මාර්ගයේ ඇති, මෙවර මහමැතිවරණය සඳහා ස්වාධීන පක්ෂයකින් තරග වදින අපේක්ෂකයකුට අයත් ලී මෝලකදි තේක්ක දැව තොගයක්, කැබ් රථයක් සමග සැකකරුවන් 7දෙනෙකු අද(07) අලුයම අත්අඩංගුවට ගත් බව මඩකලපුව වන නිලධාරිහු පැවසූහ. 07 July 2020
කහ තිත් පළගැටියා දකුණේ ව්‍යාප්තවීම පාලනය කෙරේ බෝග වගාවන් විනාශ කරන කහතිත් පළගැටියා දකුණු පළාත තුළ ව්‍යාප්තවීම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට පියවර ගෙන ඇතැයි දකුණු පළාත් කෘෂිකර්ම අධ්යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා පවසයි. 07 July 2020
මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 94ක් මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද(07) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධින් 94ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 07 July 2020
ඩෙංගු කීටයන් සිටි රත්තොට නිවාස 18කට රතු නිවේදන රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඩෙංගු කීටයන් සහිත නිවාස 18ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බව රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 07 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025