(ඩී.ජී.සුගතපාල)
කාන්තාවන්ගේ සූදු පොලක් වටලා මුදලට සූදු ක්‍රීඩාවේ යෙදී සිටි කාන්තාවන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
හින්පැන්දල ප්‍රදේශයේ ලී කැටයම් කපන නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් වටලා මොවුන් අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගෙන ඇති එක් කාන්තාවක් හපුගල පදිංචි 60 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් දෙදෙනා හින්පැන්දල පදිංචි 40 හැවිරිදි සහ 58 හැවිරිදි කාන්තාවෝ වෙති.
පරීක්ෂණවලදී අනාවරණයවී ඇත්තේ 58 හැවිරිදි කාන්තාව විසින් සිය නිවසේ කාලයක් තිස්සේ කාන්තාවන් සඳහා පමණක් මෙම සුදුපොල පවත්වා ගෙන ගොස් ඇති බවය.වෙනත් දිනවල කාන්තාවන් රැසක් මෙම සූදු පොලට පැමිණෙන බවද අනාවරණයවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd