(කාංචන කුමාර ආරියදාස)
ලොකු ලූනූ, වට්ටක්කා , මෑ කරල්, සෝයා බෝංචි ,උඳු , සහ බඩ ඉරිඟු ආදී බෝග වගාවන් රැසක හඳුනා නොගත් රෝගයක් ඇතිවීම හේතුවෙන් දඹුල්ල ප්‍රදේශය ස්ථාන කිහිපයකම වගාවන් විනාශයට පත්වන බව ගොවීහු පෙන්වා දෙති.
මෙම වගා විනාශයන් පිළිබඳව මෙතෙක් කෘෂිකර්ම බලධාරීන්ගේ හෝ අවධානය යොමුවී නොමැති බවත් මේ හේතුවෙන් එම බෝග වගා කළ ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව දඹුල්ලේ ගොවීහූ පෙන්වා දෙති.
දේශීය ලොකු ලූනු වගාවේ සාර්ථක ලූනු පැළවල පත්‍ර පිළිස්සි ලූනු ගස බිමට වැටි එකවරම දින කිහිපයක් තුළ සම්පූර්ණයෙන්ම විනාශ වී යෑම මෙම රෝග වල ලක්ෂණ බවද ඔවුහූ පෙන්වා දෙති.
මෙම රෝගය ලොකු ලූනූ වගාව පුරා ව්‍යාප්ත වී යාමේ තත්ත්වයක් හට ගෙන තිබෙන බවද ලොකු ලූනු ගොවීන් පෙන්වා දෙන අතර විවිධ කෘමි නාශක වර්ග සහ රසායනික බෙහෙත් වර්ග යෙදුව ද ඊට විසඳුමක් ලැබී නැතැයි ද කියති.
ලොකු ලූනු වගාවේ මීට පෙර මෙවැනි ව්‍යසනයක් දැක ගැනීමට හැකි වී නැති බවද දේශීය ලොකු ලූනු ගොවීහූ වැඩි දුරටත් කියා සිටිති.
එමෙන්ම උඳු සොයා බොංචි සහ මෑකරල් යන බෝගවල ඉතා සරුසාරව ගස වැඩී ඇතත් ඵලදාව නොමැතිවීම බරපතළ ප්‍රශ්නයක් පවතින බවද එම ගොවීන් කියයි.
ඇතැම් උඳු වගාවන් ඉතා අලංකාරව ඈතට දිස් වී තිබුණද මල් පිපී එම සැනෙන් සියුම් කරල් හටගෙන පිළිස්සී විනාශ වී යෑමේ තර්ජනයකට මුහුණ පා ඇතැයි එම ගොවියෝ පෙන්වා දෙති.
මෑකරල් වගාවද සරුවට වැවී එක වැලකට එක කරල බැගින් ඵල හට ගෙන තිබීම හේතුවෙන් අස්වැන්න ලබා ගැනීමට නොහැකි වී ඇතැයි දඹුල්ලේ මෑ කරල් ගොවීන්හූ මැසිවිලි නගති.
මීට අමතරව බොහෝ වගාවන් වලට මේ තත්ත්වය බලපා ඇති බව ද එළවළු ගොවීන් පෙන්වා දෙන අතර වට්ටක්කා ගොවීන් කියා සිටියේ පත්‍ර සියල්ල කහපාටට හුරු වී ගෙඩි හට ගැනීමකින් තොරව මල් පිපී විනාශ වී යන බව ය.
තම අත කනකර බඩු උගසට තබා බොහෝ බලාපොරොත්තු ඇතිව වගාකළ වගාවන් මේ වන විට ඉතා සරුවට වැඩී ඵල දැරීම කින් තොරව තිබීම නිසා දැඩි කනස්සල්ලට පත්ව ඇති බව දඹුල්ලේ ගොවීහු වැඩි දුරටත් කියා සිටිති.
මෙම රෝග තත්ත්වයන් මීට පෙර තම වගාවන් හිදී දැක නොමැති බවත් මේ පිළිබඳව කෘෂිකර්ම බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුකොට වගාව බේරා ගැනීම සඳහා සහයෝගය ලබාදෙන්නැයි ගොවියෝ කෘෂිකර්ම බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කර සිටිති.










2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හඳුනා නොගත් රෝගයක් නිසා දඹුල්ලේ වගා විනාශයක්