IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බිබිල මාර්ග සංවර්ධන අධිකාරියේ ගබඩාවකින් ලක්ෂ 16ක ජල නල සොරාගෙන

(කේෂර ගුණතිලක)  

ප්‍රතිසංස්කරණය කෙරෙන බදුල්ල-මඩකලපුව මාර්ගයේ ජලනල පද්ධතිය ඉඳිකිරීම සඳහා ගෙනැවිත් බිබිල මාර්ග සංවර්ධන අධිකාරියේ සහ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ වැඩබිමේ ගබඩා කර තිබූ ජලනල 465ක් සොරාගෙන ගොස් ඇති බවට බිබිල පොලීසිය පවසයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර ඉංජිනේරු පී.එම් පත්මලතා කුමාරී මහත්මිය විසින් සිද්ධිය පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

බිබිල හෙවෙල්වෙල පිහිටි ගබඩාවල එළිමහනේ 2020/03/05 වෙනි දින ගබඩාකර තිබූ ජලනල පිළිබඳව 2020/06/30 වෙනිදින පරීක්ෂාකැර බැලීමේදී මිලිමීටර් 90 ජල නල 47ක්, මිලිමීටර් 110 ජලනල 344ක්, මිලිමීටර් 164 ජලනල 74ක් නොමැති බව දැනගෙන ඇත.

ඒවායේ වටිනාකම රුපියල් 1,673,505ක් පමණ බැව් පැමිණිල්ලේ සඳහන් වේ.

සිද්ධිය පිළිබදව මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර බිබිල පොලිසිය  සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

බිබිල මාර්ග සංවර්ධන අධිකාරියේ ගබඩාවකින් ලක්ෂ 16ක ජල නල සොරාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 761 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site