(ක.ග.කරුණාරත්න)
හිඟුරක්ගොඩ පොලිස් වසමට අයත් පන්සල් ගොඩැල්ල මැදි කොටසේ පදිංචි කාන්තාවක් අකුණු සැර වැදීමෙන් අද (08) ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පන්සල් ගොඩැල්ල , මැදිකොටස පදිචිව 43 හැවිරිදි තිදරු මවක් බව පොලිසිය කීය.
අද පස්වරුවේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් ලංකාපුර පාදේශීය ලේකම් කොට්ඨාසයේ කෑගලුගම ගම්මානයේ නිවාස 12 කට පමණ හානි සිදුවී ඇතැයි පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
විදුලිය රැහැන් මතට ගස් කඩාවැටීම නිසා විදුලිය ඇණහිටීමක්ද සිදුව තිබෙන බව පුලස්තිපුර පොලිසිය සඳහන් කළේය.
මේ අතර මොරගහකන්ද ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ඇතුළු ඇලහැරට ද මහ වැසි සමඟ අයිස් කැටද වැටුණු බව එහි ප්‍රදේශවාසීහු පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd