(සමන් පාලිත නානායක්කාර)
මන්ත්‍රීවරුන්ගේ සංවර්ධන යෝජනා වැරදි ආකාරයට ලේඛනගත වී ඇතැයි මන්ත්‍රීවරුන් පැවසීම හේතුවෙන් අද (9) දින පැවති හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
අද න්‍යාය පත්‍රය අනුව මුලින්ම පැවතියේ සභා මන්ත්‍රීවරුන්ගේ යෝජනා සම්මත කර ගැනීම වුවද එම ලේඛනය වැරදි ආකාරයට මුද්‍රණය වී තිබීම නිසා එකිනෙකාට ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීම හේතුවෙන් සභාවේ පළමු කාරණාව සඳහා පමණක් පැය තුනහමාරක පමණ කාලයක් ගත වූ අතර සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
සංවර්ධන යෝජනා පිළිබඳව නිවැරදි ලේඛනයක් ලබාදෙනතුරු සභාව ඉදිරියට පවත්වාගෙන යාමට ඉඩ නොදෙන බව සභා මන්ත්‍රීවරු පැවසූහ.
එමනිසා දහවල් 12.00 ට පමණ සභාව කල් තැබීය. සභාව කල් දැමීමෙන් පසුව සභාපතිවරයා හා මන්ත්‍රීවරුන් පිරිසක් අතර උණුසුම් වචන හුවමාරුවක් ද ඇති විය.
පස්වරු එකට පමණ නැවත සභා රැස්වීම පැවැත්විණි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීමේදී උණුසුම් තත්වයක්