(කුෂාන් ජයවර්ධන)
කලාවැව ජාතික උද්‍යානයේ අන්දරපිටිය ප්‍රදේශයේ තිබී දින කිහිපයකට ඉහතදී මිය ගොස් ඇති අලියෙකුගේ මළ සිරුරක් ගල්කිරියාගම වනජීවි කාරයාලයේ නිලධාරීන් විසින් අද (07) සොයාගන්නා ලදී.
මේ වනවිට එම අලියාගේ සිරුර බෙහෙවින් නරක්වී තිබේ. එම අලියා මරණයට පත්ව ඇත්තේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. අලියාගේ මරණයට හේතු අනාවරණය කර ගැනීම සඳහා එම සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව ගල්කිරියාගම වනජීවී කාර්යාලය පවසයි.
දින 5ක් වැනි කෙටි කාලයක් තුළදී කලාවැව ජාතික උද්‍යානයෙන් වාර්තා වූ දෙවැනි අලි මරණය මෙය වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කොයි අලියටත් උදාවෙලා තියෙන බොහොම නරක කාලයක්.