IMG-LOGO

මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 94ක්

(මහේෂ් කීර්තිරත්න)
 
මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද(07) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධින් 94ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
 
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීතිවිරෝධි රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ආදි සිද්ධින් වාර්තා වන බවත් අපේක්ෂකයන් සඳහා භාවිතා කිරීමට හැකි වාහන පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගෙන් ලබා ගත් බවත්, කාර්යාලය වෙත ලබා දි ඇති වාහනවල විස්තරවලට අදාළව ඉන් පරිබාහිරව භාවිත කරන වාහන පිළිබඳව පොලිසිය යොදා පරීක්ෂා කරන බවත් සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සදහන් කළාය.
 
මෙම පැමිණිලි පිළිබදව විමර්ශනය කරන බවද පැමිණිලි කිහිපයක් පිළිබදව මැතිවරණ කොමිෂම වෙත වාර්තා කර ඇති බවද සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය. සමගි ජනබලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජාතික ජන බලවේගය ඇතුලු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල නියෝජිතයින් විසින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
 
මාතලේ  දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි විමර්ශන මධ්‍යස්ථානය දිනපතා පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.30 වන තෙක් විවෘතව තැබෙන අතර එම කාලය තුළ පැමිණිලි බාර ගැනීම හා පැමිණිලි විමර්ශන කටයුතු සිදු කෙරේ. එම විමර්ශන මධ්‍යස්ථානයට 0662233616 දුරකථන අංකය ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි ය.



අදහස් (0)

මාතලේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධි 94ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site