(සිතුම් චතුරංග)
වවුනියාව සෙට්ටිකුලම , මුගත්තන්කුලම් හි නිවසක සුරතලයට ඇති කළ සුනඛයකු වායු රයිෆලයකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයකු අද (8) අත්අඩංගුවට ගත් බව සෙට්ටිකුලම පොලිසිය කියයි.
සුනඛයා සැකකාර පුද්ගලයාගේ ගෙවත්තට ඇතුළුවී ඇති අවස්ථාවක එලෙස වායු රයිෆලයෙන් වෙඩි තබා සුනඛයා ඝාතනය කර ඇති බව පොලිසිය පැවසීය.
වසර දෙකක් පමණ වයසැති මෙම සුනඛයා නිවස ඉදිරිපිට එකවර තුවාල ලබා මියයෑම සම්බන්ධයෙන් සැකසිතූ නිවැසියන් සුනඛයාගේ සිරුර පරීක්ෂා කිරීමේදී වෙඩි තබා ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් සුනඛයා ඝාතනය කර ඇති බවට සැකය මත සෙට්ටිකුලම පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.
මියගිය සුනඛයාගේ සිරුර සෙට්ටිකුලම පශු වෛද්‍ය එස්.කිරුබානන්ද කුමරන් මහතා වෙත ඉදිරිපත් කර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව සුනඛයාගේ සිරුර තුළින් වායු රයිෆලයේ මූණිස්සම සොයාගෙන තිබේ.
සුනඛයාගේ මියයෑම වෙඩිතැබීමෙන් සිදුවූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණයවීමත් සමඟ සැකකරු සෙට්ටිකුලම පොලිසිය විසින් අත්අඩංගුවටගෙන වවුනියාව මහෙස්ත්රාමත් අධිකරණයට ඉදිරිපත් කළ බව පැවසීය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර ග්‍රාම නිලධාරීවරයා හට රුපියල් 50,000 ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසත් නඩු විභාගය නැවත ලබන සැප්තැම්බර් 08 කැඳවීමටද වවුනියාව අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් සෙට්ටිකුලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වායු රයිෆලයකින් සුනඛයාට වෙඩි තැබූ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට