IMG-LOGO

නිදන් හෑරූ 10 ක් උපකරණ සමඟ අත්අඩංගුවට

(ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව වෛරන්කට්ටුව වාකරේ ප්‍රදේශයේ පොල්වත්තක නිදන් හාරමින් සිටි හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු අද (08) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි.

මෙම පිරිස සමඟ බැකෝ යන්ත්‍රයක් ඇතුලු භාණ්ඩ තොගයක් ද අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.

පොලිස් කණ්ඩායම එම ස්ථානයට යනවිටත් බැකෝ යන්ත්‍රය මගින් අඩි 30 කට වැඩි ප්‍රමාණයක වලක් හාරා තිබූ බව පොලිසිය පැවසීය

එහි එකතුවන ජලය ඉවත් කිරීමට අධිබලැති ජල පොම්ප 5 ක් යොදවාගන තිබූ බවත් නිධානය ගොඩගැනීම සඳහා තවත් අඩි 4 ක පමණ ප්‍රමාණයක් ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ බවත් පොලිසිය කීය.

මෙම පිරිස මීට දින 05 කට පමණ පෙර මෙම වත්තේ නිවසක ලැගුම් ගෙන ඇති බවත් බැකෝ යන්ත්‍රය හලාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කුලී පදනම යටතේ ලබාගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

තවත් සැකකරුවන් කිහිපදෙනෙකු හලාවත බංගදෙනිය ප්‍රදේශයේ හෝටලයක නැවතී සිට මෙම නිදන් ගොඩගැනීමේ කටයුත්ත සඳහා එහි සිට පැමිණ ඇති බව පොලිසිය කීය.

බැකෝ යන්ත්‍රයක් , මෝටර් රථ දෙකක් , යතුරුපැදි දෙකක් ,  යන්ත්‍ර සහිත සුර 08 ක්  , දුරකථන 12 ක් , මේනු කෙවෙනි සහිත වයර් රෝලක් ,  වතුර මෝටර් 05 ක් වතුර බට තොගයක් , චේන් බොලොක්කයක් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසීය.

 



අදහස් (0)

නිදන් හෑරූ 10 ක් උපකරණ සමඟ අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site