IMG-LOGO

හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථාතත්වයට

(රංජිත් රාජපක්ෂ)

                      

හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ රදැල්ල කෙටි මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් ඇණ හිට තිබු එම මාර්ගයේ ගමනාගමන කටයුතු යළි යථා තත්ත්වයට පත් කළ බව නානුඔය පොලිසිය පවසයි.

රදැල්ල කෙටි මාර්ගයේ නානුඔය කාල්බර්ග් වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අභියස පිහිටි මාර ගසේ අත්තක් ප්‍රදේශයේ පැවති අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් හැටන් සිට නුවරඑළිය දක්වා ධාවනය වෙමින් තිබු කුඩා ලොරි රථයක් මතට අද (9) පස්වරු 12.30 ට පමණ කඩා වැටී ඇත.

ගසේ අත්ත කඩා වැටිමෙන් ලොරි රථයේ රියදුරා තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.

ප්‍රධාන මාර්ගයේ ගමන් ගත් ලොරි රථය මතට ගසේ අත්ත කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පස්වරු 12.30 සිට පස්වරු 1.30 දක්වා සම්පුර්ණයෙන්ම ඇණහිට තිබිණි.

නානුඔය පොලිසිය, නුවරඑළිය යුද හමුදා කදවුරේ භට පිරිස් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් එක්ව කඩා වැටුණු මාර ගසේ අතු ඉවත් කිරිමෙන් පසු මාර්ගයේ ගමනාගමනය යථා තත්ත්වයට පත් විය.



අදහස් (0)

හැටන්-නුවරඑළිය මාර්ගයේ ගමනාගමනය යථාතත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site