’මර්වින් ජානා’ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට දැනට බූස්ස බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ ’’මර්වින් ජානා ’’ යන අය මෙහෙයවන හෙරොයින් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන සැකකාර කාන්තාවක හා පුද්ගලයෙකු අද(3 ) දෙහිවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය. 03 July 2020
දෙණියාය රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය වැඩ වරති දෙණියාය මූලික රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයට පහරදී වෛද්‍යවරුන්ට බැන තර්ජනය කර රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකයට රුපියල් ලක්ෂ පහකට අධික අලාභ හානියක් සිදු කළ සැකකරුවන් සියලු දෙනා වහා අත්අඩංගුවට ගෙන නීතිය අකුරට ක්‍රියාත්මක කරන්නැයි බල කරමින් දෙණියාය මූලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු කාර්ය මණ්ඩලය අද (3) වැඩ වර්ජනයක නිරතවුහ. 03 July 2020
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ තරුණයා අල්ලයි දස හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකුගෙන්, එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත්, නෑදෑයෙකු වන මහලු පුද්ගලයකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත්, අද (03) පොලීසිය පැවසීය. 03 July 2020
බැංකු ගිණුමක් වෙනත් අයෙකුගේ නමින් පවත්වාගෙන ගියාට 4ක් දැලේ මාස එකොළහක් තුළ රුපියල් කෝටි 14කට අධික මුදලක් සංසරණය වූ බැංකු ගිණුමක් වෙනත් පුද්ගලයෙකුගේ නමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ බිරිඳක් හා එයට සහාය වූ පුද්ගලයන් තිදෙනෙකු අද(03) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 03 July 2020
මනුෂ්‍ය ඝාතනයකට අයෙක් අත්අඩංගුවට මාස දෙකකට ඉහතදී දඹුල්ල ලෙනදොර ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ සහෝදරයකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලීසිය කියයි. 03 July 2020
කුලී ගමන් යන මුවාවෙන් ගංජා රැගෙන ගිය ත්‍රිරෝද රියදුරු අත්අඩංගුවට කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙක් (02) පස්වරුවෙදී අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 03 July 2020
තන පටයේ මත්කුඩු සඟවාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට මත්කුඩු ග්‍රෑම් 04 ක් හා මිලිග්‍රෑම් 236 ක් තන පටයේ සඟවාගෙන සිටි සිව්දරු මවක් අද (02) ගාල්ල කළේගාන සපුමල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසියේ දුෂණ මර්ධන අංශය පවසයි. 02 July 2020
බෙහෙත් ටියුබයක් තුළ දමා රැඳවියෙකුට මත්ද්‍රව්‍ය ලබා දීමට උත්සහ කළ කාන්තාවක් අත්අඩංගුවට බෙහෙත් ටියුබයකට ඉතා සූක්ෂම ලෙස හොරෙයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය ඇතුල් කර වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට ලබා දීම සඳහා උත්සහ දැරූ වයෝවෘද්ධ කාන්තාවක් බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය බාර දුන් බව පොලිසිය පැවසීය. 02 July 2020
දික්කන්දේ ගණිකා ජාවාරමක් වටලයි - තිදෙනෙක් අත්අඩංගුවට පොලිස් උපාය දුතයෙකුගෙන් රුපියල් 3000 ක් ලබා ගෙන කාමරයක් සමඟ කාන්තාවක් ලබාදුන් හෝටලයක හිමිකරුවෙකු සහ තවත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු කාන්තාවන් තිදෙනෙකු මල්වතුහිරිපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (02) ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. 02 July 2020
ගොවිජන-කෘෂිකර්ම නිලධාරීන්ට පහර දීම ගැන විරෝධතාවක් රාජකාරි ඉටුකිරිමට ගිය රත්ගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරිවරයාට හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් දෙදෙනාට එල්ල කළ ප්‍රහාරයට හෙලා දකිමින් විරෝධතාවයක් අද (02) රත්ගම මංසන්දියේ දි පැවැත්විණි. 02 July 2020
නිවසේදීම අභිරහස් ලෙස මිය ගිය තරුණයෙක්ගේ සිරුරක් හමුවෙයි වව්නියාව වේප්පම්කුලම් ප්‍රදේශයේ නිවසක අභිරහස් ලෙස මිය ගිය තරුණයෙකුගේ මළ සිරුරක් අද (02) උදෑසන තිබී හමු වූ බවට වව්නියාව පොලීසිය පවසයි. 02 July 2020
රථවාහන නීති කැඩූ රියැදුරන් 23කට ලක්ෂ 7ක දඩ රථවාහන නීති කඩ කරමින් රිය පැදවු පුද්ගලයන් 23 දෙනෙකු අධිකරණය ඉදිරියේ වරදකරුවන්වීම හේතුවෙන් ඔවුන්ට රුපියල් 730,000ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (02) දා නියෝග කළේය. 02 July 2020
අනවසරෙන් කොස් ගසක් කපා ගෙනයමින් සිටි අයෙකු අල්ලයි වදුරඹ ලේල්වල වතුයායේ තිබු කොස් ගසක් අනවසරයෙන් කපා දැව රැගෙන යමින් සිටි ලොරි රථ රියැදුරකු අද(02) කොස් කඳන් හයක්ද සමඟ අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලිසිය පවසයි. 02 July 2020
නිල්වැල්ල විහාරස්ථානයේ විසූ හිමි නමකගේ දේහයක් එළවළු කොරටුවේ විදුලි සැර වැදී අපවත්වී ඇති බවට සැකකරන හිමි නමක්ගේ දේහයක් නිල්වැල්ල මිණි කිරුළ විහාරස්ථානයේ එළවළු කොරටුවේ තිබී අද (02) දහවල් සොයාගත් බව දික්වැල්ල පොලිසිය පවසයි. 02 July 2020
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද (2) නියම කළේය. 02 July 2020
ගාලු වරායේ සේවකයෝ විරෝධතාවක ගාල්ල වරායේ සමස්ත සේවක පිරිස අද (02) දහවල් සාමකාමී විරෝධතාවයක් පැවැත්වූහ. 02 July 2020
දෙබරු ඇනීමෙන් පියාත්-පුතාත් රෝහලේ දෙබරු ඇනීමෙන් බරපතල තුවාල ලැබූ පියෙකු සහ ඔහුගේ පුතා අද (02) අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත. 02 July 2020
බඹරු ඇන 13 ක් රෝහලේ මස්කෙළිය, ග්ලෙන්ටිල්ට් තේ වතුයායේ, “ලෙන්ගා” කොටසේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (02) පෙරවරුවේ එල්ල වූ හදිසි බඹර ප්‍රහාරයක් නිසා කාන්තාවන් 13 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර තිබේ 02 July 2020
නීතිවිරෝධීව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව කපා ප්‍රවාහනය කරමින් තිබූ බව කියන තේක්ක දැව තොගයක් සමඟ සැකකරුවකු අද(2) බෙලිඅත්තේදී අත්අඩංගුවට ගත් බව බෙලිඅත්ත පොලිසිය කියයි. 02 July 2020
නීතිවිරෝධීව ඌරෙකු දඩයම් කළ 7ක් තුවක්කු-පතුරොම් සමඟ අල්ලයි වඳුරඹ කොකාවල කැලෙන් නීති විරෝධීව ඌරෙක් දඩයම් කර ඩීමෝ බට්ටා වාහනයකින් ප්‍රවාහනය කරමින් සිටියදී බෝර 12තුවක්කුවක්, පතුරොම් තුනක් සහ සැකකරුවන් හත්දෙනෙකු කටබුරාවේ දී අත්අඩංගුවට ගත් බව වඳුරඹ පොලීසිය කියයි. 02 July 2020
අනතුරකින් රියදුරු අසුනේ සිරවූ තරුණයාගේ දිවි බේරාගනි අනතුරකට ලක්වී කුඩා ලොරි රථයක සිරවී සිටි තරුණ රියදුරෙකු එම ලොරි රථයේ දොරවල් කඩා මහත් පරිශ්‍රමයකින් එළියට ගෙන දිවි බේරීමේ සිදුවීමක් වැලිපැන්න හිදම්පල ප්‍රදේශයෙන් අද (02) උදැසන වාර්තා විය. 02 July 2020
ජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ ආහාර ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අපේක්ෂයෙකුගේ මෙහෙයවීම මත මනම්පිටිය ප්‍රදේශයේදී මහජනතාවට බෙදාදීමට සූදානම් කර තිබූ සහල්,පොල් ඇතුලු වියළි ආහාර ද්‍රව්‍ය තොගයක් අද (01) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි. 01 July 2020
කැබ් රථයක්-යතුරුපැදියක් ගැටීමෙන් අයකු මරුට වලස්මුල්ල කැලෑදෙණිය ප්‍රදේශයේදී අද (1) දහවල් කැබ් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වලස්මුල්ල පොලිසිය කියයි. 01 July 2020
‘ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයකු ගොනු කළ අභියාචන පෙත්සම ඉල්ලා අස් කරගනී‘ සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ වරදට වසර 8 ක බරපතල වැඩසහිත සිර දඬුවම් නියම කරමින් තමන්ට දුන් මහාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා ඉංගිරිය පොලීසියේ හිටපු සැරයන්වරයෙකු ගොනු කළ අභියාචන පෙත්සමක් අද (01) අභියාචනාධිකරණයේදී ඉල්ලා අස් කර ගන්නා ලදී. 01 July 2020
හෝමාගම නිවසක සඟවා තිබූ ගිනිඅවි-අත්බෝම්බ-ජීව උණ්ඩ සමඟ කාන්තාවක් අත්අඩංගුවට හෝමාගම පිටිපන සිල්වෙස්ටන් වත්ත 4 වන පටුමගේ නිවසක රහස් කුටියක සගවා තිබූ ගිනි අවි ,අත් බෝම්බ හා ජීව උණ්ඩ සමග එම නිවසේ කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි . 01 July 2020
භාෂා දෙකෙන්ම දහම් දැනුම දෙන පළමු නේවාසිකාගාර පිරිවෙන කල්කුඩාහි විවෘත කරයි සිංහල හා දමිල ජනතාව සදහා භාෂා දෙකෙන්ම දහම් අවබෝධය ලබාදිමේ අරමුණින් නැගෙනහිර පලාතේ වාලච්චේන කල්කුඩා ප්‍රදේශයේ ඉදි වු පළමු නේවාසිකාගාර පිරිවෙන අද(1) පෙරවරුවේ ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැගෙනහිර පලාත් ආණ්ඩුකාර ආනුරාධා යහම්පත් මහත්මියගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණි. 01 July 2020
දුම්රියක් පීලි පැන උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රිය අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර පීලි පැනිමට ලක් විම හේතුවෙන් උඩරට දුම්රි මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 01 July 2020
ගැබිනි ගවදෙනක මරාදමන්න තැත්කළ දෙදෙනෙකු අත්අඩංගුවට බිංගිරිය පොලිස් වසමේ ගව හිමිකරුවෙකුට අයත් , සොරා ගන්නා ලද ගැබිනි ගව දෙනක මැරීමට තැත් කළ දෙදෙනෙකු මගුරන්කඩවල පොල්වත්තකදී අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලීසිය අද (01)පැවසීය. 01 July 2020
උඩහිඟුල්වල නිවසක දෙදරු මවකගේ සිරුරක් පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් උඩහිඟුල්වල පතිරාදවත්ත ප්‍රදේශයේ නිවසක සිය පුතා සමඟ පදිංචිව සිටි දෙදරු මවක් නිවස තුළ මිය ගොස් සිටියදී අද (01) හමුවී තිබේ. මළ සිරුරෙහි බාහිර තුවාල දක්නට ලැබුණු බැවින් මෙය සැක සහිත මරණයක් ලෙස පරීක්ෂණ පැවැත්වීමට තීරණය විය. 01 July 2020
රජයේ සහන අහිමි වූ 100කට සහන සැලසීමට ආණ්ඩුකාරවරයාගෙන් උපදෙස් කෝවිඩ් 19 වයිරසය පැතිර ගිය මාස තුනක කාලය තුළ පීඩාවට පත් ජනතාව සඳහා රජය ලබාදුන් සහන හිමි නොවූ පුද්ගලයින් 100කට වැඩි පිරිසකට කඩිනමින් එම සහන සලසා දෙන්නැයි ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා රාජ්‍ය ආයතන වෙත උපදෙස් ලබාදී තිබේ. 01 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025