නිවසක තනිව වාසය කළ අයෙක් හිසට සිදු වූ තුවාලයකින් මරුට ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ පුද්ගලයෙක් හිසට සිදුවූ බරපතල තුවාලයක්ද සහිතව එම නිවස තුළම මියගොස් සිටියදී අද (28) දහවල් සොයාගත් බව ඇටම්පිටිය පොලීසිය පවසයි. 28 June 2020
නිතී විරෝධිව වැලි ප්‍රවාහනය අයෙක් අත්අඩංගුවට නීත්‍යනූකුල බලපත්‍රයක් නොමැතිව වැලි ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එහි රියදුරු අද (28) අහංගමවැල්හේන්ගොඩදී අත්අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පවසයි. 28 June 2020
සුදූ කෙළිමින් සිටි පුද්ගලයින් 7 ක් හික්කඩුවේ තිරාණගමින් අල්ලයි සංචාරක මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් හික්කඩුව තිරාණගම දෙමහල් නිවසක පවත්වාගෙන ගිය සූදු පොලක් වටලා සුදූ කෙලිමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකු අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස දූෂණ මර්ධන අංශය පවසයි. 28 June 2020
කොටි කාලේ ගිනි අවියක් සමඟ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට එල්.ටී.ටී.සංවිධානයට අයත් බවට සැකකරන ගිනි අවියක් හා අයිස් මත්ද්‍රව්‍ය සමග හිටපු හමුදා සෙබලෙක් මොරටුව කොරලවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලිසිය කියයි. 28 June 2020
කෝමාරිකා ජනපදයේ සාර්ථක බඩඉරිගු වගාවක් දැඩි නියගය හමුවේ ඉතා සුළු ජල ප්‍රමාණයක් ගොවිබිම් වෙත සැපයුව ද එම ජල ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කර ගත් කෝමාරිකා ගොවි ජනපදයේ ගොවීහු මෙවර යල් කන්නයේ සිය බඩ ඉරිඟු වගාවන් ඉතා සාර්ථක කරගෙන ඇතැයි ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු ඉංජිනේරු සහකාර මාධව ඉන්දික රත්නායක මහතා පැවසීය. 28 June 2020
ඝාතනයකින් දින දෙකකට පසු ඝාතකයා කොටුවෙයි මොරවක ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පෙදරේරුවෙකුට තියුණු ආයුධයකින් ගෙලට පහර දී ඝාතනය කළ හිටපු යුද හමුදා සෙබළෙකු දින දෙකකට පසුව අද (28) මොරවක ,රුවන්කන්ද ප්‍රදේශයේදී කුරුදු තලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි. 28 June 2020
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට බලපත්‍ර නොමැතිව ට්‍රැක්ටර් රථයකින් තේක්ක දැව කඳන් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි. 28 June 2020
යක්කලමුල්ල සතිපොළ පොදු ක්‍රීඩාංගණයට රැගෙන යනවාට විරෝධය යක්කලමුල්ල ප්‍රදේශිය සභාව මගින් පාලනය වන සති පොළ යක්කලමුල්ල පොදු ක්‍රිඩාංගණය වෙත රැගෙන එමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වා අද (28) දහවල් යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි තරුණ පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවුහ. 28 June 2020
ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට නුදුරින් මළ සිරුරක් හපුතලේ ඉදල්ගස්හින්න දුම්රිය මාර්ගයට නුදුරින් අද (28) පුද්ගල මළ සිරුරක් හමු වූ බව හපුතලේ පොලීසිය කියයි. 28 June 2020
මස්කෙළියේ ගින්නකින් වතුනිවාස දෙකකට හානි මස්කෙළිය, ග්ලෙන්ටිල්ට්, තේ වතුයායේ , ලෙන්ගා කොටසේ වතු නිවාස පේළියක හටගත් හදිසි ගින්නක් හේතුවෙන් එක් නිවාසයකට සම්පූර්ණයෙන් දැවී ගොස් යාබද නිවසට අර්ධ හානි සිදුව ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි. 28 June 2020
මාඋස්සාකැලේ-කාසල්රී ජලාශවල ජල මට්ටම ඉහළට මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව එම ජලාශ භාර නිලධාරියෙක් පැවසීය. 28 June 2020
බද්දේගම වෙඩි තැබීමකින් අයෙක් රෝහලේ බද්දෙගම වවුලගල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබැමකින් බරපතල තුවාල ලැබු අයෙක් කරාපිටිය රෝහලට ඇතුලත් කල බව බද්දෙගම පොලීසිය කියයි. 28 June 2020
විදුලි රැහැන් කපාදමලා මිනුවන්ගොඩ යටියන ප්‍රදේශයේ විදුලිය ක්‍රියාත්මකව තිබියදී අද (27) විදුලි රැහැන් කිසියම් පිරිසක් හෝ අයෙකු විසින් කපාගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 27 June 2020
ගංජා පාර්සල් කරමින් සිටි 4ක් අත්අඩංගුවට වැල්ලවාය හම්බෙගමුව උණකන්ද ප්‍රදේශයේ හේන්යායක ගංජා පාර්සල් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකු ගංජා කිලෝ ග්‍රෑම් 206 ක් සමග අද (27) පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ (නාකොටික්) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි හම්බෙගමුව පොලීසිය පැවසීය. 27 June 2020
ජොන්ස්ටන් මුඛ ආවරණ නොමැති මන්ත්‍රීන්ට දොස් නගයි මුඛ ආවරණ නොමැතිව රැස්වීමට පැමිණි සිටි නිකවැරටිය ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රීන්ට හිටපු අමාත්‍ය හා කුරුණෑගල දිස්ත්‍රික් පොහොට්ටු අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කරනු ලැබූයේ, අද 27 දහවල් නිකවැරටිය, ඇලවක ප්‍රදේශයේදී පැවති රැස්වීමක් අමතන අතරතුරදීය. 27 June 2020
මාරාන්තික උපවාසයක් වතු නිවාස ප්‍රශ්නයක් මුල් කරගෙන ඇල්පිටිය වතු සමාගමට අයත් මාපලගම තල්ගස්වල වතුයායේ වතු කම්කරු පිරිසක් අද (27 ) තල්ගස්වල මංසන්ධියේදි මාරාන්තික උපවාසයක් අරම්භ කළහ. 27 June 2020
නිරෝධායනය වූ 223 දෙනෙක් පිටව යති මුලතිව් ගුවන් හමුදා කඳවුරේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන්කළ නාවික හමුදා සෙබලුන් 223ක් අද (27) නිවෙස්වෙත පිටත්ව ගිය බව ගුවන් හමුදාව පවසයි. 27 June 2020
ලොරි - යතුරුපැදි අනතුරින් අයෙක් ජීවිතක්ෂයට රාජකාරී කටයුත්තක් සඳහා ගොස් ආපසු සිය සේවා ස්ථානය බලා යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වනජීවී නිලධාරියෙකු පොලොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශයේදී නවතා තිබූ ලොරියක යතුරු පැදිය ගැටී සිදුවූ අනතුරකින් අද(27) අළුයම මියගොස් ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 27 June 2020
දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට බකමූණ පොලිස් වසමේ පදිංචි බාල වයස්කාර දැරියකට බරපතල අපයෝජනයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 23 හැවිරිදි තරුණයෙකු අද (27) අත් අඩංගුවට ගත් බව බකමූණ පොලීිසිය කියයි. 27 June 2020
අරලගංවිල වෙළඳ සංකීර්ණයක ගින්නක් අරලගංවිල නගරයේ වෙළඳ සංකීර්ණයක අද (26) රාත්‍රී 8.45 ට පමණ ගින්නක් හටගෙන ඇති බව අරලගංවිල පොලිසිය පැවසීය. 26 June 2020
සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතියක් නතර කරන්නැයි ඉල්ලා විරෝධතාවයක් බඩල්කුඹුර වරාදොල වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද (26) පස්සර වරාදොල ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ. 26 June 2020
බලපත්‍ර නොමැතිව එල ගවයන් ප්‍රවාහනය කළ තිදෙනෙක් අත්අඩංගුවට පස්සර කොටමුදුන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එල ගවයින් පස් දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පැවසීය. 26 June 2020
බස් නැවතුමේ අයිතිය ඉල්ලා කලවාන ප්‍රා. සබේ මන්ත්‍රීවරු විරෝධය පාති කලවාන නගරයේ ඉදිකර ඇති නව බස් නැවතුම්පොළේ අයිතිය කලවාන ප්‍රාදේශීය සභාවෙන් ඉවත් කර සබරගමුව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ලබා ගැනිමට උත්සහා කිරිම සම්බන්ධයෙන් සබරගමුව පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති හිටපු පළාත් සභා මන්ත්‍රී රම්‍ය කුමාර විරසිංහ මහතාට කලවාන ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සිය විරෝධය අද (26) පළකර සිටියහ. 26 June 2020
ඇමති ආරක්ෂක අංශ නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් පොලිස් දැලේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂකයකුගේ ප්රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කරමින් සුඛෝපබෝගී ජීප්රථයකින් ගමන් කරමින් සිටි බව කියන ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ රියැදුරු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 26 June 2020
තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ අයකුගේ සිරුරක් හමුවෙයි තියුණු ආයුධයකින් ගෙළට පහර දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් අද (26) මොරවක අලපලාදෙණිය ප්‍රදේශයේ ඔහු ජීවත්වන නිවස ඉදිරිපිට තිබියදී සොයාගත් බව මොරවක පොලිසිය කියයි . 26 June 2020
නිරෝධායන මධ්‍යස්ථානයකට ගමන් කළ කන්ටේනරයක් කරුවලගස්වැවදී පෙරැළෙයි යුද හමුදාවට අයත් කන්ටේනරයක් පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව 12 කණුව ප්‍රදේශයෙදී අද (26 ) පෙරැළී ගිය බව කරුවලගස්වැව පොලිසිය කියයි. 26 June 2020
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 6 බැගින් අද (26) උදේ වරුවේ සිට විවෘත කර ඇති බව ජලාශය භාර විධායක ඉංජිනේරු කාර්යාලය කියයි. 26 June 2020
බෝගසක් කඩා වැටී දෙනියායේ මාර්ගයක් අවහිර වෙයි අධික වර්ෂාව හේතුවෙන් දෙනියාය ෆැට්නා මාර්ගයේ කොස්ගුළුන මංසන්ධියේ විශාල බෝ ගසක් මාර්ගය හරහා අද (26) අලුයම් කාලයේ කඩා වැටී මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට ඇතැයි දෙනියාය පොලිසිය කියයි. 26 June 2020
බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් 24 ක් පිටව යති ගාල්ල බූස්ස නාවික හමුදා කඳවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කළ තවත් පුද්ගලයින් 24 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණඩාර මහතා පැවසීය. 25 June 2020
හෝර්ටන්තැන්නේ සතුන්ට ආහාර දුන් අයෙකුට දඩ හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ සතුන්ට ආහාර ලබාදීමේ චෝදනාවට වරද පිළිගත් අයෙකුහට රජයේ ගාස්තුව වශයෙන් රුපියල් 1500 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (25) නියෝග කළේය. 25 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025