(එස්. ඩි.කොඩිකාර )
මොරවක ,අලපාලාදෙනිය ප්‍රදේශයේ පෙදරේරුවෙකුට තියුණු ආයුධයකින් ගෙලට පහර දී ඝාතනය කළ හිටපු යුද හමුදා සෙබළෙකු දින දෙකකට පසුව අද (28) මොරවක ,රුවන්කන්ද ප්‍රදේශයේදී කුරුදු තලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු මොරවක , දංගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (47) ක තිදරු පියකු බව පොලිසිය කියයි .
සැකකරු ඉකුත් (25 ) වන දින රාත්‍රී කාලයේ දී මොරවක ,ඊදඩුකිත ජනපදයේ පදිංචි (41) හැවිරිදි කොටපොලගේ සුසන්ත ප්‍රේම රන්ජන් නැමැති පෙදරේරුවකු ඔහු වාසය කළ නිවෙස ඉදිරිපිට දී කුරුඳු කැත්තෙන් ගෙලට පහර දී ඝාතනය කර තිබු අතර එම මළ සිරුර ඉකුත් (26) වන දින පොලීසිය මගින් සොයාගෙන තිබුණි .
සැකකරු ඝාතනය සම්බන්ධයෙන් පොලීසියට පවසා ඇත්තේ සැකකරුගේ දියණියක් සමග තිබූ සම්බන්ධයක් දුරදිග යෑම හේතුවෙන් ඝාතනය සිදු කර ඇති බවයි .
බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් .එල්. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි වැඩි දුර පරීක්ෂණ පවත්වයි .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.