(නිශාන්ත කුමාර)
දැඩි නියගය හමුවේ ඉතා සුළු ජල ප්‍රමාණයක් ගොවිබිම් වෙත සැපයුව ද එම ජල ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කර ගත් කෝමාරිකා ගොවි ජනපදයේ ගොවීහු මෙවර යල් කන්නයේ සිය බඩ ඉරිඟු වගාවන් ඉතා සාර්ථක කරගෙන ඇතැයි ව්‍යාපාරයේ නේවාසික කළමනාකරු ඉංජිනේරු සහකාර මාධව ඉන්දික රත්නායක මහතා පැවසීය.
පසුගිය වසර කීපය හා සැසැදීමේදී මෙවර ව්‍යාපාරයේ අස්වැන්න දෙගුණයකින් පමණ ඉහළ යනු ඇතැයි ද හෙතෙම වැඩි වැඩිදුරටත් පැවසීය.
එහිදී රත්නායක මහතා මෙසේ ද පැවසීය.
කෝමාරිකා ව්‍යාපාරයේ අක්කර 3000 ක් පමණ මෙවර බඩඉරිඟු වගා කර තිබෙනවා. වෙනදා වගා නොකළ ඉඩම් පවා මෙවර කන්නේ දී වගා කර තිබෙනවා. ගියවර කන්නයේ ව්‍යාපාරයේ බඩ ඉරිඟු වගාවෙන් ගොවිජනතාව රුපියල් කෝටි 20 ක පමණ ආදායමක් ලැබූ අතර එය මෙම වසරේ දී කෝටි 40 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කරනවා.
පැවැති නියඟයත් සමඟ ඉතා සුළු ජල ප්‍රමාණයක් ගොවි බිම් වෙත සැපයුවත් ගොවීන්ගේ සහ නිලධාරීන්ගේ කැපවීම හා ජල කළමනාකරණ මත මෙම සාර්ථකත්වය ලබා ගැනීමට හැකි වූ බව ද සඳහන් කළ යුතුයි.
මේ වන විටත් වගාව ඉතා සාර්ථක වී ඇති අතර ඉදිරි මාසයක පමණ කාලයක් තුළ අස්වැන්න නෙලීමට හැකි බවද සඳහන් කරනවා.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
කෝමාරිකා ජනපදයේ සාර්ථක බඩඉරිගු වගාවක්