(විජේරත්න රත්නායක)
පස්සර කොටමුදුන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව එල ගවයින් පස් දෙනෙකු ලොරි රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් තිදෙනෙකු අද (26) අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පස්සර පොල්ගහලන්ද ප්‍රදේශයේ පදිංචි අවුරුදු 62 ත්, අවුරුදු 42 ත් හා අවුරුදු 25 ත් වයසැති පුද්ගලයන් තිදෙනෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී පස්සර හිඟුරුකඩුව ප්‍රදේශයේ සිට පස්සර නගරය බලා ප්‍රවාහනය කරමින් සිටි මෙම ගවයින් සහිත ලොරි රථය හා සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ එළ ගවයෙක්, එල දෙනුන් තිදෙනෙක් හා පැටවෙක් ලොරිය තුළ සිටි බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd