IMG-LOGO

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

(මොහොමඩ්  ආසික්)

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු හතරක් අඩි 6 බැගින් අද (26) උදේ වරුවේ සිට  විවෘත කර ඇති බව  ජලාශය භාර  විධායක ඉංජිනේරු  කාර්යාලය කියයි.

මධ්‍යම  කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද අලුයම සිට  ඇදහැළෙන  අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම සීඝ්‍ර ලෙස ඉහළ  යමින් පවතින බැවින් මෙම පියවර ගෙන තිබේ.

මේ වන විට පොල්ගොල්ල ජලාශය වෙත තත්පරයකට ඝණ අඩි 6200 ක ජල ධාරිතාවක් ලැබෙන  බවත්, එයින් ඝණ අඩි 5925 ක් වික්ටෝරියා ජලාශයට මහවැලි ගඟ හරහා මුදා  හරින බවත්, පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.

මෙම ජල ප්‍රමාණය වැඩි විය හැකි බැවින්, පොල්ගොල්ල ජලාශයට පහළ  කොටසේ ගඟ ආශ්‍රිතව ජීවත් වන පිරිසට සහ විවිධ අවශ්‍යතාවයන්  සඳහා ගඟ භාවිතා කරන පිරිසට ඉතා අවධානයෙන්  සිටින ලෙසත්  ඒ මහතා ඉල්ලා සිටී.



අදහස් (0)

පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site