(ටී.කේ.ජී.කපිල)

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක් සදහා අද (8) දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

එතුමා සමග දූත පිරිස ලෙස , එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 12 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට , ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් දහවල් 01.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල්  අරුණ ජයසේකර , ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.