IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතියක් නතර කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

(විජේරත්න රත්නායක )

බඩල්කුඹුර වරාදොල වත්ත ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජිත සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් අද (26) පස්සර වරාදොල ප්‍රදේශයේදී විරෝධතාවයක නිරත වූහ.

එම ස්ථානයට පැමිණි බඩල්කුඹුර ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එස්.එම්.අබේසේකර සමරසිංහ මහතා, ජනතා විරෝධය මත මෙම ව්‍යාපෘතිය නතර කරන බවට බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයා සහ මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ද ඉදිරියේ ප්‍රකාශ කිරීමත් සමඟ එම විරෝධතාවය අවසන් කෙරිණි.

පෞද්ගලික ආයතනයක් විසින් වරාදොල වත්තේ ඉඩමක් මිලදීගෙන ඌව පළාතේ රෝහල්වල සායනික අපද්‍රව්‍ය එම ඉඩමට රැගෙන විත් එහිදී අධික තාපයක් යටතේ පුළුස්සා අළු වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමටත් බැහැර කෙරෙන වායුව පිරිසිදු කොට සෞඛ්‍යාරක්ෂිතව මුදා හැරීමටත් සැළසුම් කොට තිබූ බව සඳහන් වේ.

එහෙත් මේ වන විට පවතින අත්දැකීම් අනුව එවන් ව්‍යාපෘති කළක් ගතවන විට මූල්‍යමය ලාභ අරමුණු කොටගෙන ප්‍රමිතියෙන් බැහැරව ක්‍රියාත්මක වන බව පෙන්වාදුන් ගම්වාසීහු ඉදිරියේදී තමන්ට තර්ජනයක් විය හැකි මෙම ව්‍යාපෘතිය මෙහි ආරම්භ නොකරන ලෙස ඉල්ලා සිටියහ.

එහිදී මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කරමින් මෙතෙක් මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදී නොමැති බව පැවසූ අතර බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් එන්.ජී.එම්.එස්.කුමාර මහතා පැවසුවේ මෙමඟින් පාරිසරික හෝ වෙනත් හානියක් සිදුනොවන නමුත් ඒ සඳහා අනුමැතිය ලැබීමටත් එහි ඇතැම් ඉදිකිරීම් ආරම්භ කොට තිබීම නීති විරෝධී තත්වයක් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින විරෝධතා ලිඛිතව ලබාදෙන ලෙසද ඒ මහතා දන්වා සිටියේය.

මෙම විරෝධතාවයට පැල්ගහතැන්න සුරම්මාරාමාධිපති පූජ්‍ය කණහෙල ධම්මික හිමියන් ඇතුළු මහා සංඝතරත්නය ප්‍රමුඛව වරාදොල දුම්මලතැන්න අඹතැන්න පිනැල්ල තැන්නුගේ ප්‍රදේශවාසීහු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

 

 

 



අදහස් (0)

සායනික අපද්‍රව්‍ය පිළිස්සීමේ ව්‍යාපෘතියක් නතර කරන්නැයි ඉල්ලා විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site