(විජේරත්න රත්නායක )
ඇටම්පිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් තවලන්තැන්න ප්‍රදේශයේ නිවසක තනිව වාසය කළ පුද්ගලයෙක් හිසට සිදුවූ බරපතල තුවාලයක්ද සහිතව එම නිවස තුළම මියගොස් සිටියදී අද (28) දහවල් සොයාගත් බව ඇටම්පිටිය පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක් පමණ වූ එක්දරු පියෙකි.
කළක සිට සිය බිරිඳ සමඟ සමීප ඇසුරක් නොමැති ඔහු බිරිඳ සහ දරුවා පදිංචි නිවසට කිලෝමීටර් භාගයක් පමණ දුරින් පිහිටි නිවසක තනිව වාසය කොට ඇතැයිද දිනපතා නිවසට ගොස් ආහාර රැගෙන පැමිණෙන බවද පැවසේ.
ඉකුත් (26) සිට ඔහු සිය නිවසට නොපැමිණි බැවින් බිරිඳ ඒ ගැන සොයාබැලීමේදී මෙම පුද්ගලයා ඔහු වෙසෙන නිවස තුළ මියගොස් සිටිනු දැක තිබේ.
මොහු වහලයේ අළුත්වැඩියාවක් කිරීමට ගොස් වහලෙන් වැටී මියයන්නට ඇතැයි සැකකෙරෙන අතර අද සවස මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.
ඇටම්පිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිවසක තනිව වාසය කළ අයෙක් හිසට සිදු වූ තුවාලයකින් මරුට