දඹුල්ලේ හෙල්මට් නොපළඳින යතුරුපැදිකරුවන් පොලීසිය සොයයි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ සෑම ග්‍රාමීය මාර්ගයක ම යතුරුපැදි ධාවනයේදී හිස්වැසුම් පැළඳීම සිදු නොකරන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් අද 02 දින සිට ක්‍රියාත්මක වන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතා පැවසීය. 01 July 2020
වන අලියෙකු පහරදීමෙන් ගොවියෙක් මරුට ගෝනගංආර පොලිස් වසමේ 16 කණුව අසලදී වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි. 01 July 2020
ඝාතනයට ලක් වූ හිමි නමගේ ආදහන කටයුතු හෙට සහසිකයින් පිරිසක් අතින් ඝාතනය වු ඉදුරුව මහ ඉදුරුව ගල්කන්ද විජයධම්ම පිරිවෙන් විහාරාධිපති විනයාචාර්ය යටියන බුද්ධානන්ද හිමියන්ගේ අදාහන කටයුතු හෙට (2 ) පැවැත්වෙන බව විහාරස්ථ දායක සභාව කියයි. 01 July 2020
බඹරු ඇනීමෙන් ආගරපතනේ වතු කම්කරුවන් 9දෙනෙකු රෝහලේ ආගරපතන, හුට්වීල් වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන් 9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (01) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ. 01 July 2020
මැලේසියාවේ සිට පැමිණි 58 ක් නිරෝධායනයට මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට මෙරටට පැමිණි 58 දෙනෙකු නිරෝධායනය සඳහා අද (30) පස්සර යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කළ බව යුද හමුදාව කියයි. 30 June 2020
ගිනි අවියක් සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට වනාතවිල්ලුව ස්මයිල්පුරම් රෙඩ්බානා ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා විශේෂ යතුරු පැදි මෙහෙයුම් කණ්ඩායමක් විසින් අද (30) අත්අඩංගුවට ගෙන වනාතවිල්ලුව පොලිසියට භාර දී තිබේ. 30 June 2020
ව්‍යාපාරිකයාගේ රන්මාල කොල්ලකයි ඉංගිරිය බටුගම්පල නිමලගම වෙළඳසැලකට අද (30) පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකු වෙළඳසැලේ හිමිකරුගේ හිසට ගිනි අවියක් තබා මරණීය තර්ජනය කර ඔහු පැළඳ සිටි රන් මාල හා මුදල් කොල්ලකා අනතුරුව වෙඩි ප්‍රහාරයක් ද එල්ල කර පලාගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය කියයි. 30 June 2020
ගෝන මස් තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට නුවරඑළිය කඳපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ගෝන මස් තොගයක් හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය හා සීතාඑළිය වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් අද (30) සොයා ගෙන තිබේ. 30 June 2020
වල් අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මරුට මොණරාගල ගෝනගංආර 16 කණුව කෝන්කැටිය ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් අද (30) පුද්ගලයෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලිසිය පැවසීය. 30 June 2020
ඡන්ද පෝස්ටර් ඇලෙවු පුද්ගලයෙක්ට රුපියල් 100 ක දඩයක් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වි සිටින අපෙක්ෂකයකු ප්‍රවර්ධනය සදහා බිත්තිවල පෝස්ටර් ඇලවු අයෙකුට රුපියල් 100ක දඩයක් ගම්පහ වැඩ බලන මහෙස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද (30) නියම කළාය . 30 June 2020
දැව ජාවාරමක යෙදුණු තිදෙනෙකු දැලේ රන්මිනිතැන්න අටේ කොලනිය ප්‍රදේශයේ නිවසක ජංගම ඉරුම් පට්ටලයක් යොදා ගනිමින් දැව ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු අද(30) සමත් වූහ. 30 June 2020
බලපත්‍ර උල්ලංඝනය කරමින් මී ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින්, සත්ව හිංසාව ඇතිවන පරිදි මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනෙකු ලොරිරථ දෙකක් ද සමග අද(30) මොණරාගල හුලංදාව පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවටගත් බව මොණරාගල පොලිසිය පවසයි. 30 June 2020
ගිනි අවි-ජීව උණ්ඩ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ හතක් සමග සැකකරුවන් දෙදෙනෙකු නුවරඑළිය කඳපොල, ගල්පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි. 30 June 2020
රැකියා දෙන බව පවසා මුදල් ගැරූ ව්‍යාජ නීති නිලධාරියා රිමාන්ඩ් ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ කාර්යාලයේ නීති නිලධාරියකු ලෙස පෙනී සිටිමින් රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ ගණනක් වංචා කරනලද පුද්ගලයෙකු ලබන 7වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (30) නියෝග කළේය. 30 June 2020
කාන්තාවක අපයෝජනය කර-රන්මාලය කොල්ල කෑ අයෙක් හිරගෙට ගම්පහ යක්කල ප්‍රදේශයේ දි කාන්තාවක අපයෝජනය කර ඇගේ රන්මාලය කොල්ලකෑ බවට වන චෝදනා දෙකට වරදකරු වූ විත්තිකරුට බරපතල වැඩ ඇතිව වසර 17 ක සිරදඬුවමක් ගම්පහ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද(30) නියම කළේය. 30 June 2020
බලන්ගොඩ විදුහලක විද්‍යාගාරයේ උපකරණ හොරු අරන් ගිහින් බලන්ගොඩ ගැටඅරළුව විදුහලේ විද්‍යගාරයේ ඉබි යතුරු කඩා එහි තිබුණි විද්‍යගාර උපකරණ තොගයක් කිසියම් පිරිසක් විසින් සොරකම් කරගෙන ගොස් ඇති බවට එම විදුහලේ විදුහල්පතිනිය විසින් අද (30) දා බලන්ගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය පවසයි . 30 June 2020
නාවලපිටියේ එජාප ආධාරකරුවෝ රැසක් පොදුජන පෙරමුණට එක් වෙති නාවලපිටිය ගග ඉහළ කෝරලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ විපක්ෂයේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් අට දෙනෙක් ඇතුළු නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ආධාකරුවන් රැසක් මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණට සහයෝගය දැක්විම සදහා අද (30) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ එක්විය. 30 June 2020
නීතිය ක්රිියාත්මක කිරීමට එරෙහිව වැලි - පස් ලොරි රියදුරන් විරෝධතාවයක ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය වැලි සහ පස් ප්‍රවාහනයේ දී ඇතැම් පොලිස් ස්ථාන මගින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සදහා සාධාරණ විසඳුමක් ලබා දෙන්නැයි ඉල්ලා ලොරි රියදුරෝ සාමකාමී විරෝධතාවයක් අද (30) අහංගම දී නිරතවුහ. 30 June 2020
පොරවකින් කොටා පුද්ගලයකු ඝාතනය කරලා පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ 64 හැවිරිදි අයකු අද ( 30) පොරවකින් කොටා මරා දමා ඇති බව පුත්තලම පොලිසිය කියයි. 30 June 2020
බෙලිඅත්තේ දුම්රිය කාලසටහන්වල වෙනසක් බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙන් පිටත්ව යන දුම්රිය කාලසටහන්වල වෙනසක් හෙට(1) දින සිට සිදුව ඇතැයි බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රධාන ස්ථානාධිපති ඩී.නාරංගොඩ මහතා පැවසීය. 30 June 2020
කන්ටේනර් රථයක යතුරු පැදියක් ගැටී පුද්ගලයෙක් මරුට කලුතර මහවස්කඩුව ප්‍රදේශයේ දී කන්ටේනර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදිකරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි. 29 June 2020
මී උණ රෝගයෙන් රත්තොට දෙදෙනෙක් මරුට රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් මේ වනවිට මී උණ රෝගීන් 24 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (29) පැවති කොරෝනා, ඩෙංගු සහ මී උණ සම්බන්ධ කමිටු රැස්වීමේ අනාවරණය විය. 29 June 2020
බස් - ලොරි රථ අනතුරකින් පුද්ගලයෙක් මරුට මොරගහහේන - කොට්ටාව මාර්ගයේ බෙරුකැටිට ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක පිටුපස ලොරි රථයක් ගැටීමෙන් අද (29) සවස සිදු වූ අනතුරකින් ලොරි රථයේ සහයකයා එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පැවසීය. 29 June 2020
වැලිකන්ද-දිඹුලාගල 13,000ක් ජල හිඟයෙන් පීඩාවට මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් වැලිකන්ද සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක තුළ වෙසෙන පුද්ගලයන් 13,000කට අධික පිරිසක් පානීය ජල හිඟයකට මුහුණපා සිටින බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි. 29 June 2020
පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දුන් 5දෙනෙකු අත්අඩංගුවට ඉංගිරිය නගරයේ දී දෙනෝ දහසක් දෙනා බලා සිටියදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අද(29) කොස්ගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. 29 June 2020
සබරගමුවේ ගුරු පුරුප්පාඩු 1500ක් මේ වසරේ සබරගමු පළාතේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දුෂ්කර පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ ප්‍රාථමික විෂයයන්ගේ ගුරු පුරප්පාඩු 1500ක් ඇති බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය. 29 June 2020
මවුආර ජල පෝෂක ප්‍රදේශයේ ගංජා හේන් දෙකක් වටලයි සුරියවැව හා උඩවලව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා මවුආර වනජීවි නිලධාරීන් එක්ව තණමල්විල උඩවලව පාරේ පිහිටි මවුආර ප්‍රදේශයේ කළ වැටලිමකදි අද(29) අලුයම මවුආර ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයේ පවත්වාගෙන ගංජා හේන් දෙකක් සොයා ගැනීමට සමත් වී තිබේ. 29 June 2020
මාතලේ ග්‍රාම සේවා වසම් 30ක ජනයා අලි-මිනිස් ගැටුමෙන් පීඩාවට මාතලේ දිස්ත්‍රික්කය පුරා ඇති අලිමංකඩ ඇහිරීමෙන්, වන අලින්ට තම වාස භුමිය තුළ සැරිසැරීමට ඇති ඉඩකඩ සිමා වී ඇති නිසා අලි-මිනිස් ගැටුම් උග්‍රවීමෙන් ග්‍රාම සේවා වසම් 30කට වැඩි ප්‍රමාණයක පදිංචිකරුවන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ගැෆෙක් ශ්‍රී ලංකාහි අධ්යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි. 29 June 2020
බුද්ධි අංශ නිලධාරියකු ලෙස පෙනී සිටි අයෙක් රිමාන්ඩ් පොලිස් බුද්ධි අංශයේ නිලධාරියෙකු ලෙස පෙනි සිටි සැකකරුවෙක් ජුලි මස (06)වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් අතුල ගුණසේකර මහතා අද (28) නියම කළේය . 28 June 2020
ගල්ගමුවේ කැලෑවක අලියකුගේ සිරුරක් ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේ කැලයක් අසල තිබී ඇතෙකුගේ මළ සිරුරක් අද (28) සොයාගත් බව නිකවැරටිය වනජීවි කාර්යාලය සඳහන් කළේය. 28 June 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025