(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ 64 හැවිරිදි අයකු අද ( 30) පොරවකින් කොටා මරා දමා ඇති බව පුත්තලම පොලිසිය කියයි.
මෙසේ මරා දමා ඇත්තේ එච්.එම් .ගුණතිලක බංඩා නැමති 64 හැවිරිදි විවාහකයෙකි.
මරණයට පත් වු තැනැත්තා ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිට ඔහුගේ විවාහක බිරිද මරණයට පත්වීමේන් පසුව නැවත මරණය සිදුවු ස්ථානයේ පදිංචි 44 හැවිරිදි කාන්තාව සමග වසර තුනකට පෙර විවාහය වි ඇති බව කියයි.
මරණයට පත්වු පුද්ගලයා විවාහ වි සිටි කාන්තාව මෙම විවාහයට පෙර විවාහ දෙකක් සිදුකර ගෙන ඇති බව ද එම විවාහ වලදි ඇයට දරුවන් සිව් දෙනෙකු සිටින බවද පොලිසිය පවසයි.
නිතර නිතර මෙම අඹු සැමියන් අතර සිදුවු පවුල් ආරවුලක් හේතුවෙන් අදාල කාන්තාවගේ කලින් විවාහයේ 23 හැවිරිදි පුත්‍රයකු විසින් මෙම තැනැත්තාව තනිව රැදි නිවසට කඩා වැදි අමානුෂීක අයුරින් පොරවකින් කොටා මරා දමා ඇති බව පොලිස් පරික්ෂණ වලදි හෙලිවි තිබේ .
සිද්දිය සම්බන්ධව 23 හැවිරිදි සැකකාර තරුණයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබු අතර ඝාතනය සිදුකල පොරව පොලිසිය සොයා ගෙන තිබුණි.
මහෙස්ත්‍රාත් පරික්ෂණය දහවල්නි පැවැත්වීමට නියමිතව තිබුණී.



2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොරවකින් කොටා පුද්ගලයකු ඝාතනය කරලා