(එම්.කේ.නන්දසේන)
රන්මිනිතැන්න අටේ කොලනිය ප්‍රදේශයේ නිවසක ජංගම ඉරුම් පට්ටලයක් යොදා ගනිමින් දැව ජාවාරමක් පවත්වාගෙන ගිය සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීහු අද(30) සමත් වූහ.
මෙම ස්ථානයේ තිබී ඉරන ලද ලෑලි සහ බාල්ක කඳන් 83 ක්ද, ඉරීම සඳහා යොදාගත් අත් ට්‍රැක්ටරයක් ඇතුළු ඉරුම් උපකරණ තොගයක්ද සිය බාරයට ගෙන නීතිමය පියවර ගැනීම සඳහා ලුණුගම්වෙහෙර අඩවි වන කාර්යාලයට භාරදුන් බව කඳවුරු භාර නිලධාරී පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා පැවසීය.
මෙම නීති විරෝධී දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකට ආසන්න බව වැටලීම් කළ නිලධාරීහු පවසති.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ගාල්ල හම්බන්තොට කලාප අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විදුරනාථ දිසානායක, හම්බන්තොට ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරි යූ. අබේරත්න මහත්වරුන්ගේ උපදෙස් පරිදි කඳවුරු භාර නිලධාරී පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක ටී.වී.ජී.චාමර, සැරයන් 53716 ගුණසිංහ, සැරයන් 19851 ගුණසේන, කොස්තාපල්වරුන් වන 35425 හේරත්, 83613 ප්‍රසන්න , 88416 සමීර, 22292 ජයසේන, 92285 බණ්ඩාර, 78928රියදුරු එදිරිසිංහ, 92821 රියදුරු දිසානායක යන නිලධාරීහු මෙම වැටලීම කළහ.

2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දැව ජාවාරමක යෙදුණු තිදෙනෙකු දැලේ