(ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන, හුට්වීල් වත්තේ වතු කම්කරුවන් පිරිසකට බඹරුන් ඇනීම හේතුවෙන් කම්කරුවන් 9දෙනෙකු ප්‍රතිකාර සඳහා අද (01) ආගරපතන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලැබූ පිරිස අතර, කාන්තාවෝ 8දෙනෙක් හා එක් පිරිමි පුද්ගලයෙක් වෙති. ඉන් පිරිමි පුද්ගලයාගේ තත්ත්වය තරමක් බරපතල බවත්, ඉතිරි පිරිස සාමාන්‍ය තත්ත්වයේ පසුවන බවත් ආගරපතන ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය හර්ෂ ජයරත්න මහතා කීය.
වතුයායේ තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට ගසක බැඳ තිබු බඹර කූඩුවක බඹරුන් ඇවිස්සී ඇන ඇතැයි කම්කරුවෝ පවසති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.