(කේෂර ගුණතිලක)
ගෝනගංආර පොලිස් වසමේ 16 කණුව අසලදී වන අලියෙකු පහරදීමෙන් ගොවියෙකු මියගොස් ඇතැයි ගෝනගංආර පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ මොනරාගල වැඳිකුඹුර පදිංචි ඒ. ඩබ්. ඒ. විජේකුමාර (55) නැමති අවිවාහක පුද්ගලයෙකි.
හෙතෙම ගෝනගංආර ප්රදේශයේ කෝන්කැටිය පාසල අසල තාවකාලිකව පදිංචිව සිට ගොවිතැන් කටයුතුවල හා සමාජසේවා කටයුතුවල නිරතව සිටි අයෙකි.
ඔහුගේ මළසිරුර ඊයේ පොලීසියට හමුවී ඇත.
හදිසි මරණ පරීක්ෂණය අද (01) පැවැත්වීමට නියමිතය. ගෝනගංආර වැඩබලන පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම් ආරියසේන මහතා සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.