නියදගල නිවසකින් තියුණු ආයුධ කිහිපයක් සොයා ගැනේ හෝමාගම පිටිපන අවි ගබඩාවට ගිනි අවි සැපයූ දැනට රිමාන්ඩ් භාරයේ පසු වන කිරිවත්තුඩුවේ ගගන නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු සමඟ සබඳතා පැවැත්වූ බව කියන හෝමාගම නියදගල ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධ හා ගංජා පැල සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි . 06 July 2020
කුවේටයේදී මත්පැන් පෙරූ ලාංකිකයෙක් අත්අඩංගුවට කුවේට් රාජ්‍යයේ සල්වා නගරයේ ශ්‍රී ලාංකිකයෙකු විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලූ එරට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එය පවත්වා ගෙන ගිය ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග කියයි. 06 July 2020
ගිනි අවියක්-උණ්ඩ-කඩු සමඟ අයෙක් අත්අඩංගුවට බෝර 12 ගිනි අවියක්, උණ්ඩ තුනක්, කඩු දෙකක් ඇතුළු ආයුධ සමග පුද්ගලයකු අද(06) අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි. 06 July 2020
කිලිනොච්චියේ හදිසි වැටලීමක් -නිවාස 400 ක් සෝදිසි කරයි එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක හදිසි සෝදිසි මෙහෙයුමක් යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදි. 06 July 2020
බෙන්තර ගඟේ ගිලී අතුරුදන් වූ අයගේ සිරුර සොයාගනී හබුරුගල තොටුපලෙන් බෙන්තර ගඟට වැටී අතුරුදහන්ව සිටි අයකුගේ මළ සිරුරක් අද (6 ) පස්වරුවේදි සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි. 06 July 2020
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 06 July 2020
බෙන්තර ගඟේ ගිලී අයෙක් අතුරුදන් බෙන්තොට ,හොරවල තොටුපලෙන් බෙන්තර ගඟට පැන්නේ යයි කියන පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි. 06 July 2020
පුවක් ගසක් කඩා වැටී පුද්ගලයෙකු මියයයි පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් බොක්කාවල පහළ හිඟුල්වල ප්‍රදේශයේ දී පුවක් ගසක් කඩා වැටීමෙන් 47 හැවිරිදි විවාහක පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි. 06 July 2020
කඩු-පිහිවලින් පහර දී තරුණයෙක් රෝහලේ මිටියාගොඩ පොලිස් වසමේ කලුපෙ විශාඛා විදුහල අසළදි අද(06) පුද්ගලයෙකුට කඩුවලින් සහ පිහිවලින් පහරදී බරපතල තුවාල සිදුකර ඇතැයි මිටියාගොඩ පොලිසිය පවසයි. 06 July 2020
හීං ගඟ ජල ව්‍යාපෘතිය ඇනහිටීමෙන් පවුල් 30,000කට පානීය ජල ගැටලු මාතලේ දිස්ත්‍රික්කයට අයත් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා ගලා බසින හීං ගඟේ සංවර්ධන කටයුතු අතරමග නැවතීම හේතුවෙන් පවුල් 30,000කට පමණ පානීය ජල ගැටලු පවතින බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඊ.එම්. ජයන්ත බණ්ඩාර ඒකනායක මහතා පවසයි. 06 July 2020
වන අලි ප්‍රහාරයකින් සිව්දරු පියකු මරණයට මහකුඹුක්කඩවල ලීකොලවැව ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි පහර දීමකින් මරණයට පත්වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි . 06 July 2020
ජනාකීර්ණ මොහොතක දුම්රිය වේදිකාව දුමෙන් වැසීයයි රාගම දුම්රිය ස්ථානය ජනාකීර්ණව පැවැති මොහොතක දුම්රිය සේවකයකු රැගෙන එනු ලැබූ කසළ ගෝනියක් පළමු වේදිකාවේ කොනක හලා ගිනි තැබීමට කටයුතු කිරීමෙන් එම අවස්ථාවේදී රැස්ව සිටි මගීහු දැඩි අපහසුතාවට පත් වූහ. 05 July 2020
නිවසකින් මැණික්-ස්වර්ණාභරණ සොරාගත් දෙදෙනකු අත්අඩංගුවට බලන්ගොඩ මිරිස්වත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වි මැණික් ගල් තොගයක් සහ ස්වර්ණාභරණ සොරකම් කළ සැකකරුවන් දෙදෙනෙකු සොරකම් කරන ලද මැණික් ගල් තොගය සහ ස්වර්ණාභරණ සමඟ අද (05) සවස අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි. 05 July 2020
ආනවිළුන්දාව කුරුලු අභය භූමියේ ගින්න නිවාදමයි ආරච්චිකට්ටුව-ආනවිළුන්දාව රැම්සා කුරුලු අභය භූමියේ අද(05) හට ගත් හදිසි ගින්නකින් අක්කර 10 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති. 05 July 2020
බෝගන්දන විහාර භූමියේ නිධන් හෑරූ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට හල්දුම්මුල්ල ඓතිහාසික සොරගුණේ රජ මහා විහාරස්ථානයට අයත් බෝගන්දන විහාර භූමියේ නිධන් හෑරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයකු අද (5) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 05 July 2020
වැල්ලවත්තේ ගින්න නිවන්න ආ ගිනි නිවන බටයෙකුට තුවාල වැල්ලවත්ත ඩබ්ලිව්. සිල්වා හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්න නිවා දැමීමට පැමිණි කොළඹ මහා නගර සභාවේ යාන්ත්‍රික ගිනි නිවන බටයෙකු තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණගුණවර්ධන මහතා පැවසීය. 05 July 2020
ගසක් යටින් ජීව අත්බෝම්බයක් සොයාගනී පැල්බැදිවැව ඔය ආසන්නයේ ගසක් යට තිබු ජීව අත් බෝම්බයක් අද (5) සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි. 05 July 2020
බදුල්ල ස්ප්‍රිංවැලි ජනතාව විරෝධතාවක දීර්ඝ කාලක සිට අබලන්ව ඇති බදුල්ල ස්ප්‍රිංවැලි හරහා දෙමෝදර දක්වා වූ මාර්ගය කඩිනමින් සංවර්ධනය කරන ලෙස ඉල්ලා ස්ප්‍රිංවැලි නගරයේදී ජනතාව උද්ඝෝෂණයක් පැවැත්වූහ. 05 July 2020
වැල්ලවත්තේ වෙළඳසැල් කිහිපයක ගින්නක් වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ ද සිල්වා මාවතේ වෙළඳසැල් කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාව කියයි. 05 July 2020
මාතලේ මහ නගරසභාවට ලක්ෂ 120ක පාඩුවක් මාතලේ මහ නගරසභාවේ පරිපාලනයේ පවතින ව්‍යාකූලත්වයෙන්, විවිධ අයකිරීම් නවතා දමා ඇති බැවින් ජනවාරි මාසයේ සිට මේ දක්වා මසකට රුපියල් ලක්ෂ 20 බැගින් මේ වන විට රුපියල් ලක්ෂ 120ක ආදායමක් දළ වශයෙන් නගර සභාවට අහිමිව ගොස් ඇති බව මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය. 05 July 2020
විශේෂ මෙහෙයුමකින් 6ක් අත්අඩංගුවට පස්සර පොලිස් දූෂණ මර්ධන අංශය මඟින් අද (04) පස්සර නගරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් තුළින් සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය. 04 July 2020
ජනපති වෙහෙරබැන්ද කුටිය රජ මහා විහාරයට යයි ඇසළ පුන් පොහෝ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය රජ මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක වැලිසර ජිනවංශතිස්ස නාහිමියන් හමුවී ආශිර්වාද ලබාගත්තේය. 04 July 2020
තේක්ක කඳන් පැටවූ ලොරි රථයක් අත්අඩංගුවට මාදුරුඔය ජාතික වන රක්ෂිතයේ වසර සිය ගණනක් පැරණි තේක්ක ගස් හොරට කපා ප්‍රවාහනය කරමින් සිටියදි තේක්ක කඳන් 72ක් සමග ලොරි රථයක් අද (04) අත් අඩංගුවට ගත් බව වන ජීවි නිලධාරිහු පැවසූහ. 04 July 2020
දඹුලු ඔයේ අලි සිරුරක් දඹුලු ඔයේ තිබී මියගිය කෙනරකගේ මළ සිරුරක් වනජීවී නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ. මිය ගොස් සිටින කෙනරගේ සිරුර කෝන්පලයාගම ප්‍රදේශයේදී දඹුලු ඔයේ තිබියදී වනජීවී නිලධාරීන්ට හමුව තිබේ. හක්කපටස් ආහාරයට ගැනීමෙන් එම කෙනෙර මිය යන්නට ඇති බවට වනජීවී නිලධාරිහු අනුමාන කරති. 04 July 2020
ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයට පිරිපහදු පානීය ජල පෙරනයක් ‘‘ශාන්ති පදනමේ‘‘ සාමාජික දෙහිවල නැදිමාල සේනාරත්න ඒකනායක හා චන්ද්‍රා ඒකනායක දානපති යුවල විසින් රුපියල් ලක්ෂ 3 කට අධික මූල්‍ය අනුග්‍රහයෙන් සාලියවැව ශ්‍රී සුමංගලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කරවන ලද පිරිපහදු පානීය ජල පෙරනය එම දෙපලගේ ප්‍රධානත්වයෙන් අද (04) දින විවෘත කෙරිණි. 04 July 2020
දෙබර ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලබයි හේන් යායක වැවී තිබූ ගම්මිරිස් වගාවක ගම්මිරිස් කඩමින් සිටී එකම පවුලක සහෝදරයන් දෙදෙනෙකු දෙබර ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා අද (04) දහවල් 12.00 ට පමණ මීගහකිවුල දිසා රෝහලට ඇතුළත් කර තිබේ. 04 July 2020
ලොරි රථයකින් කේරල ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට ලොරි රථයකින් කේරල ගංජා කිලෝ 61 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයයෙක් අත්අඩංගුවට ගත් පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් ගංජා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 07 ක මුදලක්ද සොයාගෙන ඇත. 03 July 2020
ගස්ලබු වගාවේ කළ කංසා වගාවක් වටලයි හම්බෙගමුව අලුත්වැව ප්‍රදේශයේ ගස්ලබු වගාවක් තුළ කංසා වගාකළ අයකු අද (03) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ සූරියවැව කඳවුරේ නිලධාරිහු කියති. 03 July 2020
ලක්ෂ 13ක මුදල්-රන් භාණ්ඩ සොරාගත් අයෙක් සිරගෙට බලන්ගොඩ මාවෙල ප්‍රදේශයේ නිවසකට රාත්‍රි කාලයේ ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් 1300,000 ක මුදලක් සහ රුපියල් 15,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙළඳසල් හිමියෙකු ජූලි 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (03) නියෝග කළේය. 03 July 2020
ජනාධිපති කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගනී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03) දහවල් කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණියේය. 03 July 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025