ලක්ෂ 13ක මුදල්-රන් භාණ්ඩ සොරාගත් අයෙක් සිරගෙට
බලන්ගොඩ මාවෙල ප්රදේශයේ නිවසකට රාත්රි කාලයේ ඇතුළු වී නිවැසියන් බියගන්වා රුපියල් 1300,000 ක මුදලක් සහ රුපියල් 15,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෙළඳසල් හිමියෙකු ජූලි 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා අද (03) නියෝග කළේය.