(එම් .සුසිල් ප්‍රියන්ත)
හබුරුගල තොටුපලෙන් බෙන්තර ගඟට වැටී අතුරුදහන්ව සිටි අයකුගේ මළ සිරුරක් අද (6 ) පස්වරුවේදි සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
සොයා ගැණුනේ ඌරගස්මංහන්දිය හබුරුගල මහගොඩ පදිංචි දෙදරු පියෙකු වන 43හැවිරිදි කමල් රන්ජන් අබේරත්න නමැත්තාගේ බවද පොලිසිය කියයි.
මේ පුද්ගලයා අද (6 ) උදේ හබුරුගල තොටුපොලෙන් ගඟට වැටී අතුරුදහන්වී ඇති බවත් ප්‍රදේශවාසින් එක්ව සොයා බැලුවද ඔහුගේ සිරුර සොයා ගැනීමට නොහැකිවූ තැන නාවික හමුදාවේ කිමිදුම් අංශය කැඳවා කළ මෙහෙයුමේදි ඔහුගේ සිරුර සොයාගත් බවත් පොලීසිය කියයි.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.