(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ඇසළ පුන් පොහෝ දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුරාධපුර වෙහෙරබැන්ද කුටිය රජ මහා විහාරස්ථානයට පැමිණ විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක වැලිසර ජිනවංශතිස්ස නාහිමියන් හමුවී ආශිර්වාද ලබාගත්තේය.
එම අවස්ථාවට අනෝමා රාජපක්ෂ මහත්මිය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දියණිය සහ පුතණුවන්ද එක්ව සිටියහ.
විහාරස්ථානයට පැමිණීමෙන් පසුව ජනාධිපතිවරයා මල්පහන් පූජා කිරිමෙන් අනතුරුව අනුශාසනාවක් සිදුකරමින් විහාරාධිපති පූජ්‍ය වැලිසර ජිනවංශ තිස්ස නාහිමියන් මෙසේ පැවසුහ.
‘‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා රුපියල් කෝටි 11 ක් වැය කරමින් ශ්‍රාවස්තිපුර ගල්වඩුවාගම පුරා ඇති අබලන් වූ මාර්ග සියල්ලම එදා කාපට් කර දුන්නා, අපි සෑම දිනකම එතුමාට පින් දෙනවා .
මම මේ ගමට එන විට මහා ඝන කැලෑවක් තිබුනේ. මෙම විහාරස්ථානයට බොහෝ දෙනෙක්ගේ දායකත්වය ලැබුණා. ඇඳ පුටුවක්වත් තිබුණේ නැහැ. එහෙම දුක් විඳලා තමයි මේ පන්සල ගොඩනැගුවේ. රජකාලයේ තිබූ විනාශ වී ගොස් තිබෙන වෛත්‍ය අළුතින් ගොඩනැගීම සඳහා ආරම්භ කර තිබෙනවා..‘‘ යැයි උන්වහන්සේ මෙහිදි පැවසූහ.
මෙම අවස්ථාවට වෙහෙර බැන්ද කුටිය මහා විහාරාධිපති උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක වැලිසර ජිනවංස තිස්ස නාහිමි ,කඩුගන්නාවේ සමිත හිමි ඇතුළු බැතිමත්හු රැසක් සහභාගි වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd