(විනීතා එම් ගමගේ)
රාගම දුම්රිය ස්ථානය ජනාකීර්ණව පැවැති මොහොතක දුම්රිය සේවකයකු රැගෙන එනු ලැබූ කසළ ගෝනියක් පළමු වේදිකාවේ කොනක හලා ගිනි තැබීමට කටයුතු කිරීමෙන් එම අවස්ථාවේදී රැස්ව සිටි මගීහු දැඩි අපහසුතාවට පත් වූහ.
ඒ වනවිට කොළඹ බලා ධාවනය වන මන්දගාමි දුම්රිය, මාතර බලා ධාවනය වන සීග්‍රඝාමි දුම්රිය, බදුල්ල බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය මෙන්ම රඹුක්කන බලා ධාවනය වන මන්දගාමී දුම්රිය ද පැමිණෙන්නට නියමිතව තිබු බැවින් විශාල පිරිසක් වේදිකාවල රැඳීසිටියහ.
දුම්රිය ස්ථානය දුමින් පිරී යද්දී මගීන් දැඩි අපහසුතාවකට පත්වනු දැකිය හැකි වුවත් කිසිවෙකුටත් කරන්නට දෙයක් නොතිබුණේ දුම්රිය ස්ථානයේ සේවකයෙක්ම මෙම ගිනි තැබීම කළ බැවිනි.
එම ස්ථානය නිරික්ෂණය කිරීමේ දී පෙනී ගියේ කඩදාසි හා පොලිතින් විශාල ප්‍රමාණයක් එහි දමා ගිනි තබා ඇති බවය.
උඩරට මැණිකේ දුම්රිය වේදිකාවට ආවේය. එහි තිබු නැරඹුම් මැදිරිය ඇතුළු මැදිරි බොහොමයක් ද දුමින් පිරීයනු දැකිය හැකි විය.
මෙසේ දුම්රිය ස්ථානයක් ජනාකීණව පවතින අවස්ථාවක ගිනි ගොඩවල් ගසා පොලිතින් හා කඩදාසි පුළුස්සන්නට උපදෙස් දෙන්නේ කවුදැයි දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතුව ඇතැයි එහි සිටින මගීන් පවසනු ඇසිය හැකි විය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජනාකීර්ණ මොහොතක දුම්රිය වේදිකාව දුමෙන් වැසීයයි
Kanishka Rashantha Sunday, 05 July 2020 03:11 PM
උඩරට මැණිකේ දුම්රියට දර්ශන මැදිරියක් නැත.
ranja02 Monday, 06 July 2020 07:21 AM
දුම්රිය ස්ථානවල කසල පිළිස්සීම තහනම් කළ යුතුයි නේද? අනේ කරුණාකරලා දැන්වත් මගීන්ගේ සුවපහසුව තකා සුදුසු පියවරක් ගන්න.