(රොමේෂ් මධුෂංඛ)
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කළු කොටි දිනය ඊයේ (05) දිනට යෙදීමත් විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් පිළිබඳ තොරතුරු ලැබීමත් හේතුවෙන් කිලිනොච්චිය කණ්ඩාවලෙයි ඇතුලු ප්‍රදේශ කිහිපයක හදිසි සෝදිසි මෙහෙයුමක් යුදහමුදාව, පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ක්‍රියාත්මක කරන ලදි.
කණ්ඩාවලෙයි, ධර්මපුරම් ආදි ප්‍රදේශයන්හි පිහිටි නිවාස 400 කට අධික ප්‍රමාණයක් මෙහිදී හදිසි පරීක්ෂාවකට ලක් කළ අතර එහිදී සැකකටයුතු පුද්ගලයෙකු පොලිස් භාරයට ගනු ලැබීය.
ආයුධ හෝ කිසිවක් හමු නොවී ඇති අතර ඉදිරියේදී සැකකටයුතු ප්‍රදේශයන්හි එවැනි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවට ආරක්ෂක අංශ පැවසීය.
කිලිනොච්චියේ කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් හෝ එවැනි දේකට අනුබල දීමක් හෝ සිදුකරනු ලබන පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වූ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද ආරක්ෂක අංශ වැඩිදුරටත් පැවසීය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.