(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත ඩබ්ලිව්. සිල්වා හන්දියේ තෙමහල් ගොඩනැගිල්ලක ඇති වූ ගින්න නිවා දැමීමට පැමිණි කොළඹ මහා නගර සභාවේ යාන්ත්‍රික ගිනි නිවන බටයෙකු තුවාල ලබා කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්ෂක අසේල ගුණගුණවර්ධන මහතා පැවසීය.
වීදුරු තට්ටුවක් කඩා වැටීමෙන් ඔහුට මෙම අනතුර සිදු විය.
ගින්නෙන් වෙළෙඳසැල් 10 කට ආසන්න ප්‍රමාණයකට හානි වී ඇතැයි පොලිසිය කියයි.
ගින්න හේතුවෙන් ගාලු පාර වසා දමා විකල්ප මාර්ග භාවිත කිරීමට රියදුරන්ට උපදෙස් දුන් බව වැල්ලවත්ත පොලිසිය කියයි.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd