(ජේ.ඉඳුරුවගේ)
බෙන්තොට, හොරවල තොටුපලෙන් බෙන්තර ගඟට පැන්නේ යයි කියන පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව ඌරගස්මන්හන්දිය පොලිසිය පවසයි.
අතුරුදන් වූ පුද්ගලයා 43 හැවිරිදි අයෙකි. මෙම අනතුරට ලක්ව ඇත්තේ බෙන්තොට ,මහගොඩ පදිංචිව සිටින එක් දරු පියෙකු බවත් ඔහු අද දහවල් යතුරුපැදියකින් ගඟ අසළට පැමින ගඟට පැන ඇති බවත් පොලිසිය කියයි.
ඔහුගේ සිරුර සොයා ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.