(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ඔගස්ටින් ප්‍රනාන්දු)
මහකුඹුක්කඩවල ලීකොලවැව ප්‍රදේශයේ පුද්ගලයකු වන අලි පහර දීමකින් මරණයට පත්වි ඇති බව ආණමඩුව පොලිසිය පවසයි .
මෙසේ මරණයට පත්වි ඇත්තේ ලිකොලවැව පදිංචි ඒ .එච්.එම් .සේමසිංහ නැමති ( 60 ) හැවිරිදි සිව් දරු පියකු බව කියයි.
මරණයට පත් තැනැත්තා තම බිරිද සමග නිවසේ සිටි ඇති බවත් අලියා ඉඩමට ඊයේ (5) රාත්‍රියේ කඩා වැදි භෝග වගාවන් වනසමින් සැරිසරා ඇති බවත් පසුව අලියා නිවස අසලට එකවර කඩා වැදි ඇති බව කියයි.
ඒ සමගම අලියාගෙන් බේරිමට මුළුතැන්ගෙය තුලට රිංගා සැගවි ඇති නමුත් එකවර පැමිණි අලියා මුළුතැන්ගෙයි සිටි ගෙහිමියා එළියට ඇද දමා පහර දි ඇති බව පොලිසිය කියයි.
තුවාලකරු ආණමඩුව රෝහලට රැගෙන යමින් සිටියදී මරණයට පත්වි ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.