(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ ද සිල්වා මාවතේ වෙළඳසැල් කිහිපයක ගින්නක් හටගෙන ඇතැයි දෙහිවල ගල්කිස්ස නගර සභාව කියයි.
ගින්න නිවීම සදහා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ගිනි නිවීමේ රථ මෙන්ම කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ රථ යොදවා ඇතැයි දෙහිවල ගිනි නිවීමේ ඒකකය කියයි.
අලෙවිසල් පහක් මේ වන විට ගිනි ගනිමින් පවතින බවද, ගින්න හේතුවෙන් ගාලු පාර වැල්ලවත්ත හංදියේ දැඩි රථ වාහන තදබදයක් ද පවතින බවද පොලිසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd