(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් පස් දෙනෙක් අද (06) බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළු කර ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා කිලානි තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ .
තේ වත්තේ ගල් තලාවක් මත බැද තිබු බඹර කුඩුවක් ඇවිස්සි තමන්ට පහර දුන් බව බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේය.
රෝහල්ගත කළ වතු කම්කරු කාන්තාවෝ පස්දෙනාම බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බඹර ප්‍රහාරයකින් 5 ක් රෝහලේ