(දයාරත්න ඇඹෝගම)
පැල්බැදිවැව ඔය ආසන්නයේ ගසක් යට තිබු ජීව අත් බෝම්බයක් අද (5) සොයාගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
පොලිසියේ අංක 119 දුරකතනයට ලද පණිවුඩයක් මත පොලිසිය විසින් මෙම අත් බෝම්බය සොයා ගෙන තිබිණි.
මළකඩ කා දිරා ගොස් තිබු මෙම අත් බෝබය වසර කිහිපයකට පෙර මෙම ස්ථානයේ කිසිවෙකු විසින් සගවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.
මෙම ජීව අත් බෝම්බය අද (5) නිශ්ක්‍රීය කිරිමට නියමිතය.
බෝම්බය ගෙන ආ කෙනෙක් පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලිකිරියාගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd