(හාලිඇල- විජේරත්න රත්නායක)
පස්සර පොලිස් දූෂණ මර්ධන අංශය මඟින් අද (04) පස්සර නගරයේ සිදුකළ විශේෂ මෙහෙයුමක් තුළින් සැකකරුවන් 6 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබීය.
නීතිවිරෝධී හෙරොයින් මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක්, වරෙන්තුකරුවන් තිදෙනෙක් හා ගංජා මිශ්‍ර මාවා ළඟ තබාගත් පුද්ගලයෙක්ද මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
මෙවුන් සියළු දෙනා පස්සර නගරය හා අවට පදිංචිකරුවන් වන වයස අවුරුදු 25-30 අතර පුද්ගලයන්ය.
පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.පී. සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත එම පොලීසියේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අංජුල ඉසුරු කුමාර මහතා ඇතුළු නිලධාරින් විසින් අදාළ වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd