(බිමල් ෂ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
හෝමාගම පිටිපන අවි ගබඩාවට ගිනි අවි සැපයූ දැනට රිමාන්ඩ් භාරයේ පසු වන කිරිවත්තුඩුවේ ගගන නැමැති පාතාල සාමාජිකයාගේ සමීපතමයකු සමඟ සබඳතා පැවැත්වූ බව කියන හෝමාගම නියදගල ව්‍යාපාරිකයෙකු තියුණු ආයුධ හා ගංජා පැල සමඟ අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි .
එම සැකකාර ව්‍යාපාරිකයා සමඟ අඩි දෙකහමාරක් දිගැති සුදු යකඩ කඩුවක් , අඩි දෙකක් දිගැති මීට සවි කර නොමැති මන්නයක් හා අඩි දෙකක් උසැති ගංජා පැල හතරක් පොලිස් භාරයට ගෙන ඇත.
(ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුලරත්න)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.