IMG-LOGO

මාතලේ මහ නගරසභාවට ලක්ෂ 120ක පාඩුවක්

(මහේෂ් කීර්තිරත්න)
 
මාතලේ මහ නගරසභාවේ පරිපාලනයේ පවතින ව්‍යාකූලත්වයෙන්, විවිධ අයකිරීම් නවතා දමා ඇති බැවින් ජනවාරි මාසයේ සිට මේ දක්වා මසකට රුපියල් ලක්ෂ 20 බැගින්  මේ වන විට රුපියල් ලක්ෂ 120ක  ආදායමක් දළ වශයෙන් නගර සභාවට  අහිමිව ගොස් ඇති බව මාතලේ මහ නගරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසීය.
 
නගරාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නගර සභාවේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
 
“මේ වන විට නගර සභාවේ පරිපාලන කටයුතු අවුල් වෙලා තියෙන්නේ. මහජනයාගෙන් බදු මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරින් මීට වඩා ජනතාව ගැන සිතිය යුතුයි. මාතලේ මහ නගර සභාවේ දැනට මාස 6ක් තිස්සේ කිසිදු සංවර්ධන යෝජනා ක්‍රමයක් කරන්න බැරිතැනට වැටිලා. විපක්ෂයේ සහ අපේ පක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු‍ගේ කඩාකප්පල් ක්‍රියාවන් නිසා මෙම තත්වය උද්ගත වෙලා”
 
තමන් විසින් ආරම්භ කළ රථවාහන නවතා තැබීමේ ස්ථානවල ගාස්තු එකතු කිරීම මේ වන විටත් නවතා දමා ඇති බවද නගරාධිපතිවරයා පැවසීය.
 
ඊට අමතරව බස් නැවතුම්පොළවලින් සහ ත්‍රිරෝද රථවලින් අය කරන ගාස්තු කුණු කසළ බැහැරකිරීමේ ගාස්තු මෙන්ම අනෙකුත් අදායම් මේ වන විට අහිමිව ගොස් ඇති බවත් සුපිරි වෙළඳ සංකීර්ණය සහ අනෙකුත් වෙළඳසල්වල හිඟ කඩකාමර ගාස්තු එකතු කිරීම ඇතුළු නගර සභාවට ආදායම් ලැබෙන රැසක් මේ වන විට අහිමිව ගොස් ඇති බවද නගරාධිපතිවරයා සඳහන් කළේය.
 
මේ තත්වයන් පිළිබඳව නාගරික ජනතාව දැනුවත් විය යුතු බව‍ත් අය වැය ලේඛනය මගින් නගරයේ කාණු පද්ධති, මාර්ග සංවර්ධනය සමග යටිතල පහසුකම් රැසක් සංවර්ධනය කිරීමට සභා අනුමැතිය ලැබී ඇතත් මේ වන තෙක් ක්‍රියාක්මත වී නොමැති බවත් අලුවිහාරේ මහතා පැවසීය.



අදහස් (0)

මාතලේ මහ නගරසභාවට ලක්ෂ 120ක පාඩුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 974 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site